June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිලිණි පියුමාලිට සහ ජානකී සිරිවර්ධනට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා කියවයි | “ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඔෆිස් එකයි, සුපිරි වාහනයි දැකලා මම රැවටුණා” – අසාත් සාලි මහාධිකරණයේදී කියයි

1 min read

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මුළාකර, ඔහු සතු රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිණි පියුමාලි සහ එහි අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට කොළඹ මහාධිකරණය හමුවේදී ඊයේ (11දා) අධිචෝදනා කියවා දෙන ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, ඇප මත පසුවන විත්තිකාරියන් දෙදෙනා එදින අධිකරණයේ පෙනී සිටියහ.

නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සඳහන් කළේ, තමන් නිවාස හා දේපළ වෙළෙඳාම් ව්‍යාපාරවලින් විශාල ලාභයක් ලැබූවද, මෙම කාන්තාවන් දෙදෙනාගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් තමන් මුළුමනින්ම විනාශ වූ බවයි.

විත්තිකරුවන්ගේ කාර්යාලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) පිහිටා තිබීම, ඔවුන් මිල අධික සුපිරි වාහන භාවිත කිරීම සහ තමන් එහි යන විටත් ඉහළ පෙළේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් මුදල් ආයෝජනය කිරීමට පැමිණ සිටීම නිසා කිසිදු සැකයකින් තොරව තමන් මෙම ආයෝජනය සිදුකළ බව සාලි පැවසීය.

ව්‍යාපාරික සැලැස්මක් හෝ පොලියක් ලැබෙන දිනයක් පවා නොවිමසා මෙම මුදල් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

මෙම විත්තිකාරියන් දෙදෙනා විසින් 2022 වසරේ මැයි 30 සහ ජූලි 30 අතර කාලය තුළදී අසාත් සාලිගෙන් රුපියල් මිලියන 80කට වැඩි මුදලක් වංචා කිරීම සහ රුපියල් ලක්ෂ 50ක අගරු චෙක්පතක් ලබාදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x