කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි…
1 min read
කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහත විසින් පසුගිය 14 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට ලබා දුන් නියෝගයකට අනුව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කරන ලදි .
