June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේව පරීක්ෂාකරන්න දාපු මනෝ වෛද්‍යවරු අතර මානසික ලෙඩෙක් !

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේ වනවිට මාරාන්තික උපවාසයක නිරතව සිටී. ඊයේ (ජුනි 10) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටු 17 කින් යුත් තීරණයක් නිකුත් කර තිබුණි.

එම තීරණයට අනුව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවේ දී වධ හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තා කිරීමට පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත් කරන ලදී.

එම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තිදෙනකු හා අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරින් දෙදෙනකු පත් කර තිබේ. කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස්, චිත්තාහරී අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස්, වජිර ධර්මවර්ධන යන අයගෙන් එම වෛද්‍ය මණ්ඩලය සමන්විත වී තිබේ. අදාළ වෛද්‍යවරු පස් දෙනා විසින් සුරේෂ් සලේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දී සිදු කල යුතු බවත්, මීළඟ නඩු දිනයේ දී එම වාර්තාව ඉදිරිපත් කළ යුතු බවටත් විනිසුරුවරයා නියෝග කර ඇත.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ තත්වය පරීක්ෂාකිරීමට පත් කර තිබෙන වෛද්‍ය කණ්ඩායමේ සිටින එක් වෛද්‍යවරියක් ඉතා දැඩි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හෙළා දකිමින් LTTE ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින් මත ඵල කරන ලද තැනැත්තියකි. චිත්තාහරි අබේනායක නැමැති මෙම වෛද්‍යවරිය “CHITTA abe” යනාදි ලෙසින් පවත්වාගෙන ගිය සමාජ මාධ්‍ය පිටුව මේ වනවිට ඇය විසින් අක්‍රිය කර තිබේ.

ජනප්‍රිය පුවත්  පොලිස්පති පැලවත්තේ රූකඩයක්!

පසුගිය කාලය පුරාම රජයේ හමුදාවන් හා රාජපක්ෂ පාලනය පිළිබඳ දැඩි වෛරසහගත ආකල්පයකින් අදහස් පළ කර තිබේ. එවැනි අයකු මෙම වෛද්‍ය මණ්ඩලයට ඇතුල් කිරීම මගින්, විවෘත මනසින්, අගති විරහිතව රෝගියා පරීක්ෂාකිරීමේ කාර්යය සිදු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි නොවේ.

ආණ්ඩුව, එවැනි තැනැත්තියක් මෙම මණ්ඩලයට පත් කර ඇත්තේම සුරේෂ් සලේගේ ඇත්ත තත්වය වසන් කරනු ලබන වාර්තාවක් ලබා ගැනීම පිණිස යන සැකය මේ වන විට බොහෝ දෙනා තුල ඇතිව තිබේ. මේ සමග ඵළ කර ඇති ඇය සමාජ මාධ්‍ය තුල ඵළ කර තිබෙන අදහස් විමසා බැලූ විට ඇය කවර මට්ටමේ මානසික රෝගී කාන්තාවක්දැයි ඔබට වටහාගත හැකිය.

  • දුලාර පන්නිල –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x