June 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අතිරික්ත පචය

1 min read

2026 පළමු කාර්තුවේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක් තිබෙන බවට ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බවත් එම ප්‍රවෘත්තිය සත්‍ය නොවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, 2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රු. බි. 1473.8ක් වෙන බවත් පුණරාවර්තන විදයම් රුපියල් බිලියන 688.9ක් වෙන බවයි.

ප්‍රග්ධන වියදම රුපියල් බිලියන 103.2ක් බව පෙන්වා දෙන ඔහු පුණරාවර්තන හා ප්‍රාග්ධන වියදම් දෙකේ එකතුව රු.බි. 792.1ක් බවයි පෙන්වා දෙන්නේ.

ප්‍රාථමික අතිරික්තය යනු රජයේ ආදායම හා වියදම් එකතුව අතර පරතරය වන බවත් එම පරතරය රු. බිලියන 681.7ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රාථමික අතිරික්තය යනු රජයේ සම්පූර්ණ ආදායමෙන්, පෙර ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි.

එය සරලව ප්‍රාථමික අතිරික්තය = රජයේ ආදායම – (මුළු වියදම – පොලී ගෙවීම්) ලෙස සරළව දැක්විය හැකි බවත් රටක් අන්දන්න පාවිච්චි කරන වචනය “ප්‍රාථමික අතිරික්තය” බවත් ඔහු පෙන්වා දෙන්නේ.

2026 පළමු කාර්තුවේ ණය පොලිය රුපියල් බිලියන 593.2ක් වෙන අතර පළමු කාර්තුවේ රාජ්‍ය ණය ආපසු ගෙවීම – (දේශීය හා විදේශීය) 694.7ක් වෙන බවත් ණය සහ පොලිය එකතුව රු. බිලියන 1,287.9ක් වෙන බවයි ඔහු පවසන්නේ.

ජනප්‍රිය පුවත්  සමාජ මාධ්‍ය උමතුවෙන් ඩිජිටල් එල්ලුම්ගහට

🔴 එවිට, පළමු කාර්තුවේ සමස්ත අය වැය හිඟය (උණතාවය) රුපියල් බිලියන 606.2ක් වන බව පෙන්වා දෙන ඔහු 2026 පළමු මාස 3 ප්‍රාථමික අතිරික්තය ධන අගයක් තිබුණද, සත්‍ය ලෙස අය වැය හිඟය (ඌණතාවය) රු.බි. 606.2ක් බවයි පෙන්වා දෙන්නේ.

ප්‍රශ්නය තියෙන්නේ එතන නොව පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැයකර ඇත්තේ 7.5%ක් බවත් සෑම වසරකට පළමු මාස කිහිපයේ ප්‍රාග්ධන වියදම් අඩු බවත් රජයේ වියදම් වැඩිවෙන්නේ අන්තිම කාර්තු තුනේ දී බවයි එම ලිපිය මගින් රංජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.

එමෙන්ම “ප්‍රාථමික අතිරික්තය” යනු ආර්ථිකයේ සාර්ථකත්වය මනින දර්ශකයක් නොවන බව පවසන ඔහු, රට දැඩි ආර්ථික අර්බුදයක තිබූ 2023 වසරේදීත් රු. මිලියන 173,332 ක සහ 2024 වසරේදී රු. මිලියන 649,569 ක ප්‍රාථමික අතිරික්තයක් තිබූ බවයි පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ කණ්ඩායම් මහ බැංකුවත් සමඟ එක් වී ‘තාක්ෂණික වචන හරඹ’ සහිත කිසිදු වැදගත්කමක් නොමැති සංඛ්‍යා ලේඛන නිකුත් කරබන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

  • නිලන්ත සත්සර ගමගේ –
ජනප්‍රිය පුවත්  ඉක්වදෝරය එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x