June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ යනු, ජ.වි.පෙ. මන්ත්‍රී පාපිස්සකට අනුව “පොරක්” නොවේ. ඒක නම් ඇත්තය. ප්‍රභාකරන් “පොරක්” කර ගත්තවුනට සලේ වැන්නන් පොරක් ලෙස දැනෙන්නේ නැත. සමගි ජන බලවේගයේ මරික්කාර්ට ද සලේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කරන පිළිවෙත හරි ය. ඔහු කියන්නේ සලේ පමණක් නොව ගෝඨාභයව ද අත්අඩංගුවට ගත යුතු බවය. කුරුටුගාමී වසන්ත ආදිවාසි විප්ලවකාරයාද කියන්නේ ඊට සමාන අදහසක් ය. ඒ අනුව, රාජ්‍ය ආරක්ෂාව බිඳවැට්ටවීමේ ත්‍රස්ත උපායමාර්ගයේ දී මේ සැවොම වැඩ කරන්නේ එකට බව පැහැදිලිය. ‍

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත බිහි කළේ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට විශේෂ නීතියක් උවමනා වී තිබූ නිසාය. එම පනත ත්‍රස්තවාදය පරාජය කිරීමට දායකවූවන්ට එරෙහිව යොදා ගැනීම පනතේ අභිලාෂයට ද පටහැනිය. නමුත් දැන් මේ වෙන්නේ ඒකය.

මේ පනත මුලින්ම පාවිච්චි වූයේ ජ.වි.පෙ. ත්‍රස්තවාදයට එරෙහිවය. දෙවනුව එය පාවිච්චි වූයේ උතුරේ ත්‍රස්තවාදයට එරෙහිවය. දැන් බලය හොබවන්නේ පළමු ත්‍රස්තවාදී ඉතිහාසයට උරුමකම් කියන ජ.වි.පෙ. ය. වඩාත් භයානක කරුණ වන්නේ දැන් ඒ ජ.වි.පෙ. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය සමග ද මිතුරුය. මේ දෙකේම අරමුණ රාජ්‍ය බිඳවැට්ටවීම ය. N.G.O. කාරයන්ගේද සහයෝගය ඇතිව අද ඔවුන් සිදු කරමින් සිටින්නේ එම කොන්ත්‍රාත්තුව ය. එය සිදු කෙරෙන්නේ මෙසේය.

ජනප්‍රිය පුවත්  කයියේ පැස !

බලයට ආපු ගමන් අත්අඩංගුවට ගත්තේ හිටපු නාවුක හමුදාපතිවය. අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ය. ඒ සමගම නාවික හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානින් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවේය. මේ දිනවල තවත් සැකකරුවකු ලෙස නම් කර ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ය. මේජර් ජෙනරාල් සුරේෂ් සලේවද අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලය පාවිච්චි කරමින්ය.

මෙමගින් සිදුවන්නේ මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයකුවීමට අකමැති තරුණ පරපුරක් නිර්මාණය කිරීමය. හමුදාවකට බැඳුනත් බුද්ධි අංශයට බැඳෙන්නට කිසිවකුත් සිතන්නට ඉඩක් නැත. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බේරුණත් පසු කලෙක බලය ගනු ඇති දේශද්‍රෝහී ආණ්ඩුවකින් බේරී ජීවත්වීම අසීරුබව මෙමගින් තරුණ පරපුරට ලබාදෙන පාඩමය. සලේව සාමාන්‍ය නීතියෙන් පරිභාහිරව ත්‍රස්තවාදින්ට අදාල නීතිය උපයෝගීකරගෙන දඩයම් කරන්නේ ඒ පාඩම අළුත් පරම්පරාවට හොඳටම කියා දෙන්නට ය.

ඊළඟට මේ පාලකයන් ගහන්නේ භික්ෂුවට ය. බුදු සසුනට ය. භික්ෂූන්වහන්සේ කෙරෙහි සමාජය තුල වන වටිනාකම කෙලෙසාදැමීම ඔවුන්ගේ අරමුණ ය. එය ඔවුන් කරන්නේ අනාගතයේ දී කරන්නට හිතාගෙන සිටින “ගේමට” තියන ලොකුම බාධාව දැන් තියා ඉවර කරන්නට ය.

ජනප්‍රිය පුවත්  අල්ලාපන් බං ඔට්ටූ!

ගේම කුමක්ද? සසුන හා රණවිරුවන් යන දෙකම වැනසූ කල දේශය පිළිබඳ ආදරය තුරන් වූ වියලි මිනිස් සමාජයකින් මේ බිම සමන්විත වේ. එවැනි සමාජයකට ඇමරිකානු හා ඉන්දියානු අධිපත්‍යය පැටවීම පහසුවෙන් සිදුකල හැකිය. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මෙහෙයුම අළුතෙන් පැටවිය හැක්කේ එවිටය. දෙමල ඊළම් රාජ්‍යය වෙනත් ආකාරයකින් බිහි කරගත හැක්කේ එවිටය. ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ, ආර්ථිකවශයෙන් රට තවදුරටත් හොම්බෙන් යවා, රණවිරුවන් හා සසුන දඩයම් කර, අසංවේදී මිනිස් මුඩු බිමක් නිමවීමය. ඒ මගින් සිය දුෂ්ඨ හා සාහසික අරමුණු මුදුන්පත් කර ගැනීමය.

අගවිනිසුරුට තව අවුරුදු 2 ක් එම ධුරයේ ඉන්න පුළුවන් විදියට විශ්‍රාම වයස වෙනස් කරන්නේ අධිකරණය තමන් අත වන මර්දනයේ ප්‍රබලතම උපාංගය බවට පත් කර ගැනුම තහවුරු කර ගැනුමට ය. උසාවිය ද පැලවත්තට අනුව හුස්ම ගන්නා දඩ බිමක් කරගැනීමෙන් රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කර ගත හැකිය.

මේ සියල්ල මගින් පෙන්වා දෙන්නේ ප්‍රශ්නය “සලේ” ම නොවන බවයි. ප්‍රශ්නය ජාතියක ඉරණම සමඟ තදින් බැඳී පවතින්නක් වන බවයි. මෙය වටහා නොගෙන සිදුකරන දේශපාලනය මෙම විනාශයේ මගටම ආවඩන්නක් වන බවයි. එබැවින්, තවත් ප්‍රමාද නොවී අප මෙය වටහාගෙන, ඊට එරෙහිව සෑම අයුරකින්ම ක්‍රියාත්මක විය යුතුව තිබේ. නැතහොත් සිදුවන්නේ සැමට සාමූහිකව වැලලෙන්නට ය, වැලපෙන්නට ය.

ජනප්‍රිය පුවත්  ''ලූස් මෝෂන්"
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x