October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කසාවතේ කතාව

1 min read

.සිංහල රජ දවස, භික්ෂූන්වහන්සේ නමකට ලෞකික අධිකරණයක් හමුවේ නඩු අසන්නට පුළුවන්කමක් තිබුණේ නැත. එලෙස සිරගත කිරීමට හෝ සිවුර බලහත්කාරයෙන් ගැලවීමට රජුටවත් සෘජු අයිතියක් හිමිව තිබුණේ නැත. භික්ෂුව වඩින විට තම හුන් අස්නෙන් නැගිට ගරු කර දෙපා නැමැද වඳින්නේ රජුය. එකල භික්ෂුව හිටියේ රජුට ඉහලින්ය.

පුරාණ ලංකාවේ රාජ නීතිය හා බුද්ධ ශාසනයේ විනය නීතිය අතර ඉතා ශක්තිමත් සහ ගෞරවනීය සම්බන්ධතාවක් පැවතුණේය. බ්‍රිතාන්‍යයන් මෙන් භික්ෂුවක් කෙලින්ම සාමාන්‍ය හිරග‍ෙයකට දමා ජම්පරයක් ඇන්දවීමේ සිරිතක් සිංහල රජවරුන් සතු වූයේ නැත.

එකල වූයේ, භික්ෂූන්වහන්සේ නමක යම් වරදක් (විශේෂයෙන් ශාසනික හෝ පොදු සමාජ වරදක්) කළ විට, ඒ පිළිබඳ මුලින්ම සලකා බැලුවේ රජු නොව මහා සංඝරත්නය (සංඝාධිකරණය) විසින් වීමය. එම සලකා බැලීමේදී අදාළ භික්‍ෂූන්වහන්සේ වරදකරුවකු වුවහොත් විනය නීතියට අනුව “පාරාජිකා” වීමක් (ශාසනයෙන් නෙරපා හැරීමක්) සිදු කෙරේ. ශාසනයෙන් නෙරපා හැර සිවුර ඉවත්කර (උප්පැවිදි කර) සාමාන්‍ය ගිහියෙකු බවට පත් කිරීමෙන් පසුව පමණක්, එම පුද්ගලයා රාජ්‍ය නීතියට අනුව දඬුවම් කිරීමට රජුට අවස්ථාව හිමිවිය. මේ බව ඉතිහාස කතන්දර හා සෙල්ලිපි මගින් ද තහවුරු වී තිබේ.

යම් භික්‍ෂුවක් රජුට එරෙහි කැරලි ගැසීමක් හෝ රාජද්‍රෝහීවීමට අදාළ චෝදනා ලදහොත් වුව දඬුවම් කරනු ලැබ ඇත්තේ ශාසනයෙන් නෙරපා හැරීමෙන් පසුවය. ඉතිහාසයේ කලාතුරකින් දක්නට ඇති එම අවස්ථාවලදී ද භික්‍ෂුවක් ලෙස තබාගෙන දඬුවම් කරන සිරිතක් තිබුණේ නැත.

ජනප්‍රිය පුවත්  “ආලෝකා” සහ ශ්‍රිලනිප !

මෙරට බුද්ධ ශාසනයට හා භික්‍ෂූන්වහන්සේට උරුම මේ තත්ත්වය හිතාමතාම තුරන් කළේ ඉංග්‍රීසි යටත් විජිත පාලනය ය. බෞද්ධ විනය නීතියට අනුව භික්ෂුවකගේ සිවුරක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ගිහියන්ට හෝ රජයට අයිතියක් නැත. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සඟ සසුනේ විනය නීතිවලට වඩා සාමාන්‍ය නීතිය ඉහළින් තැබීය.

අප යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස ලැබූ බව කියතත්, තවමත් අප කර තබාගෙන ඉන්නේ යටත් විජිත හාම්පුතුන්ගේ නීතිය හා ඒ මනස ය. එබැවින්, හෙළයේ අවසන් රජු දක්වා සඟ සසුනට තිබූ තත්ත්වය, නැවත ලබා දීම හෙට බිහිවන නව පාලනයක නියත වගකීම විය යුතුය. ‍

එහෙත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ අද මේ ගිහි ඇඳුමින් එන්නේ උසාවියට ය. ඒ, ඇතුලේ හැඳ සිටින “ජම්පරය” පිටින් නොවේය. ගිහියකු වරදකට දඬුවම් ලැබු කළ වෙනත් නඩුවකට උසාවි ගෙන එන්නේ “ජම්පරය” පිටින් නොවේ. ඔහුට සුදු පැහැති සරමක් සහ අත්කොට කමිසයක් හෝ වෙනත් සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ ලබා දී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල 550 යටතේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.

“උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනුු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු 3 කින් හෝ අඩු හෝ සිර දඬුවම් ලද සිරකරුවන් බන්ධනාගාරයෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමට ය. ඔහුගේ පෞද්ගලික ඇඳුම්වලින් සිරකරුට ශිෂ්ඨසම්පන්න පෙනුමක් නොලැබේනම්, මුදාලන සිරකරුවන්ට ආණ්ඩුවේ වියදමින් දෙනු ලබන රෙදි පිළිවලින් එම අඩුව පිරවිය යුතුය…”

ජනප්‍රිය පුවත්  කයියනායක පාර

ඒ අනුව, ගලබොඩඅත්තේ ඥාණසාර හිමිනම උසාවි ගෙන එන ලද්දේ උන්වහන්සේ “….ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන…” ඇඳුමින් ද? උන්වහන්සේ හැඳ සිටියේ බෞද්ධ චීවරය යි. එයට ගැලපෙන වෙන යමක් නැත. ඇත්තේ එයම පමණි. භික්ෂුවට ගිහි ඇඳුමක් අන්දවා උසාවි ගෙන ආ විට, මෙහි කියැවෙන “….සිරකරුට ශිෂ්ඨසම්පන්න පෙනුමක්” ලැබී ඇත්ද? නැත ! මේ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග ද කඩ කර, බෞද්ධ භික්‍ෂුව සැහැල්ලුවට සමච්චලයට ලක් කිරීමයි. බෞද්ධ විරෝධීන් පිනැවීමයි.

එසේනම්, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හිරගෙය තුළ ජම්පරය හැඳ සිටියත්, වෙනත් නඩු කටයුත්තකට උසාවි ගෙන ආ යුත්තේ, උන්වහන්සේට අයත් භික්ෂු වතින් ය. එනම්, සිවුර පැළඳ උන්වහන්සේ උසාවි ගෙන ආ යුතු බවය. එසේ නොකිරීමෙන් භික්ෂුන්වහන්සේනමකට සිදු කරනුයේ බරපතල සමාජ අවමානයකට ලක් කිරීමක් ය.

මීට වසර 140 කට වඩා පෙර ඉංග්‍රිසින් විසින් ගෙන එන ලද නීතියක එල්ලී මේ බරපතල අවමානය සාධාරණීකරණය කළ හැකි නොවේ. කවුරු කවුරුත් දැනගත යුතු තවත් දෙයක් තිබේ. ඒ ගලබොඩඅත්තේ ඥාණසාර හිමි මේ චෝදනාවට වරදකරු වී මාස 9 ක කාලයක් එම දඬුවම විඳිමින් සිරගෙදර ගත කළේ සිවුර දරාගෙන මිස ජම්පරය හැඳ නොවන බවයි. ඒ යහපාලන සමය තුළය. එදා එය ඉවසන්නට හැකි වූ බන්ධනාගාර බලධාරින්ට අද එය ඉවසන්නට නොහැකි වී ඇත්තේ ඉංග්‍රිසින්ටත් වඩා බෞද්ධ විරෝධී පාලනයක ලොක්කෝ එම නිලධාරින්ට එල්ල කරන පීඩනය නිසාය. එබැවින්, කතාව නීති තර්ක වලට පමණක් සීමා කළ යුතු නැත.

ජනප්‍රිය පුවත්  කයියෙන් නොනිමෙන ගින්න

තිලීපන්ගේ සමරුව ඉදිරිපිට ගොළුවන නීතිය ඥාණසාර හිමි අරඹයා ඕනෑවටත් වඩා රළු වී තිබේ. එය වටහාගත නොහැක්කේ ජ.වි.පෙ. වසුරු මතයෙන් හිස පුරවාගත් අසිංහල වසලයන්ට පමණී.

එබැවින්, මේ පාලනය මේ ගහන්නේ තනි භික්ෂුවකට නොවේ. මේ ගහන්නේ සාසනයට ය. මේ ගහන්නේ සමස්ත මහසඟරුවනට ය. එයට එරෙහිව මහ සඟ බලය, බොදු ජන බලය දැන්වත් නොපෙන්වනු ලැබුවහොත් “අනිච්චා වත සංඛාරා” කියන්නට වන්නේ ලංකාවේ සිංහල බෞද්ධයාට ය. ථේරවාදී බුදුු සසුනට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x