May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ආලෝකා” සහ ශ්‍රිලනිප !

1 min read

ජාතික චින්තනයෙන් ද, හෙළ උරුමයෙන් ද, රාජපක්ෂ පාලනයෙන් ද, රනිල් පාලනයෙන් ද, ප්‍රතිපත්ති විරහිතව දේශපාලන හා අනෙකුත් වාසි උපදවාගත්, මෙරට දේශපාලනයේ සිටින චෞර හා කෲර දේශපාලනයකු වූ පාඨලී චම්පක රණවකව මීළඟ ජනාධිපතිවරණයට “පොදු” අපේක්ෂකයකු ලෙස හැඩ ගන්වා ගෙන එන මෙහෙයුමේ කොටසක් ලෙස අද (මැයි 01) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය හැඳින්විය හැකිය. අපගේ දේශපාලන විමර්ශකයන් අනාවරණය කරගත් තොරතුරු අනුව ශ්‍රිලනිප මැයි රැළියට අවශ්‍ය සියලු වියදම දරනු ලැබ ඇත්තේ චම්පක රණවක විසිනි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප.යේ අරමුණ වී ඇත්තේ චම්පක රණවක තම පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා බවට පත් කරගෙන, ස.ජ.බ සහය හෝ ස.ජ.බ. පලුවක සහාය ඇතිව චම්පක රණවක ඉදිරි ජනාධිපතිවරණයට ගෙන ඒමය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ද මීට සම්බන්ධ වී තිබේ. ඊට අමතරව, පොහොට්ටුවෙන් බිඳී ක්‍රියා කරන නිමල් ලන්සා, ප්‍රසන්න රණතුංග වැනි කණ්ඩායමක් හා සුගීශ්වර බණ්ඩාර, ප්‍රේමනාත් දොළවත්ත, මොහොමඩ් මුසම්මිල් වැනි පිරිසක් ද මේ ව්‍යාපෘතියට මේ වනවිට කර ගසා ඇත.

ඔවුන්ගේ ප්‍රධාන උපාය වී ඇත්තේ වත්මන් මාලිමා – jvp ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන හා බලවත් අපේක්ෂකයෙකු ලෙස චම්පක රණවක ඔසවා තැබීමය. එහෙත් රනිල් වික්‍රමසිංහ මෙමගින් බලාපොරොත්තු වන්නේ චම්පක රණවක අපේක්ෂකයා බවට පත්කර සජිත් ප්‍රේමදාස “චෙක්මේට්” කරවීමය.

සජිත් ප්‍රේමදාස මේ වනවිට දෙවරක් ජනාධිපතිවරණයෙන් පරාජය වී තිබේ. එබැවින් ඔහුට නැවත එම මැතිවරණයට තරග කළ ද ජය ගැනීම කළ නොහැකිය යන මතය ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුළ එ.ජා.ප.ය මේ වන විට ප්‍රභලව ගොඩනගමින් තිබේ. ඒ අනුව, ස.ජ.බ. තුළින්ම බලවත් පීඩනයක් ඇතිකර සජිත් වෙනුවට චම්පක අපේක්ෂකයා කරවීමත්, එමඟින් සජිත් “දාම් ලෑල්ලෙන්” ඉවතට ඇද දැමීමත් රනිල්ගේ උපාය වී තිබේ. මෙහිදී විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙකු ඉදිරිපත් වුවහොත්, එමඟින් වාසිය අනුර කුමාරට ලැබුණද, චම්පක ඉදිරියට දැමීම හරහා සජිත් කඳවුර දුබල කර තම කඳවුර ප්‍රබල කර ගැනීම රනිල්ගේ මූලෝපායික අරමුණ වී තිබේ. යම් හෙයකින් එම තෝරාගැනීමට සජිත් එකඟ නොවුනහොත්, එම අවස්ථාවේදී සජිත්ගේ බලකනු රැසක් තම ව්‍යාපෘතිය වටා පෙළගස්වාගත හැකිවනු ඇතැයි රනිල් වික්‍රමසිංහ විශ්වාස කරයි. සාගල රත්නායක, වජිර අබේවර්ධන වැනි රනිල්ගේ සමීපතමයන් විශ්වාස කරන්නේද, ජනාධිපතිවරණ ඡන්දයට චම්පක රණවක දමා ඔහු පැරදුනත්, එමඟින් ඇති කරගනු ලබන ඡන්ද පදනම මත තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

ජනප්‍රිය පුවත්  ත්‍රස්තයන්ගේ පුනරුදය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සැලසුමේ සහායක කණ්ඩායමක් බවට මේ වනවිට පත් කරගෙන තිබේ. “ඒකාබද්ධ විපක්ෂය” යන නමින් සිදුකරන සියලු ක්‍රියාකාරකම්හි ප්‍රධානතම අරමුණ චම්පක රණවකගේ ප්‍රතිරූපය ඉහල දමා ගැනීම වේ. ශ්‍රීලනිප ය රාජපක්‍ෂ මූලිකත්වය සහිත පොහොට්ටුව පිළිබඳව ඇති ආසන්න ප්‍රතිවිරෝධයද මෙම “සහයට ඩැනී” චරිතය තෝරා ගැනීම සඳහා හේතු වී තිබේ.

චම්පක රණවක තමන්ට විදෙස්ගතව මුදල් පොම්ප කරන ඇතැම් මූලාශ්‍ර අමතා මේ වනවිට ප්‍රකාශකර ඇත්තේ තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහවුරුව තිබෙන බවයි. මේ අතර, මහාචාර්ය ජී. ඇල්. පීරිස් ද, මිලින්ද මොරගොඩ ද මේ ව්‍යාපෘතිය කරට ගෙන තිබේ. මහාචාර්ය ජී. ඇල්. පීරිස්ට සැලසුම්කරුවන් විසින් ලබා දී තිබෙන අපේක්ෂාව චම්පක දිනූ කල ලැබෙන අගමැතිකමය. මිලින්ද මොරගොඩට ලබා දී තිබෙන අපේක්ෂාව විදේශ ඇමතිකමය. ප්‍රසන්න රණතුංග මේ වන විටද චම්පක රණවක සිටින සාකච්ඡා සභාවල දී ඔහුට ආමන්ත්‍රණය කරන්නේ “සර්” කියාය. සර්වජන බලයේ දිලිත් ජයවීරවද චම්පක රණවකගේ මෙම බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කිරීමට මහාචාර්ය ජී. ඇල්. පීරිස් උත්සහ දරා තිබේ. නමුත් දිලිත් ජයවීර මේ ගැන වැටහීම ලද වහාම එය ප්‍රතික්ෂේප කර ඇත. ඔහු එහිදී අදාල යෝජනාව ගෙන එන ලද්දන්ට පවසා ඇත්තේ, චම්පක රණවක දිනවන්න ක්‍රියා කරවනවාට වඩා තමන්ගේ දෙයක් බලා සිටීම යහපත් බවය.

කෙසේ වෙතත්, මේ ව්‍යාපෘතිය පිළිබඳව සියුම් විශ්ලේෂණයක නිරත වූ අපගේ දේශපාලන විශ්ලේෂණ අංශයේ මතය වී ඇත්තේ අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සේවය කරනුයේ ජනාධිපති අනුර කුමාර පාලනය දෙවන ධූර කාලයටත් දිගු කර ගැනීම පිණිස වන බවය. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා බවට පත්ව පසුගිය ජනාධිපතිවරණයේදී ද සිදුකළේ සජිත්ගේ ජයග්‍රහණය වළකා අනුරගේ ජයග්‍රහණයට පාර කැපීමය. මීළඟට ඔහු චම්පක රණවක දමා කරන්නට යන්නේ ද, විපක්ෂයේ අපේක්ෂකයන් ගණන වැඩිකර, එමගින් අනුර කුමාරගේ “සුළුතර ජයග්‍රහණයට” ඉඩ ලබා දීමය. දැනට පෙනෙන අන්දමට අනුර කුමාරට එරෙහිව මීළඟ ජනාධිපතිවරණයක දී ඉදිරිපත් විය හැකියයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් ගණන 4 කි. ඒ, සජිත්, නාමල්, දිලිත් හා චම්පක ලෙසිනි. මෙය සජිත් චම්පක එකතුවීමකින්, චම්පක අපේක්ෂකයා බවට පත් වුවත් විපක්ෂයේ අපේක්ෂක සංඛ්‍යාව 3 කි. දිලිත් තම අපේක්ෂක හැඟීම අතුගා දමා ගනු ඇතැයි සිතුවත්, විපක්ෂයේ අපේක්ෂක සංඛ්‍යාව 2 කි.

ජනප්‍රිය පුවත්  තෝරදෙනියලාගේ තේරවිල්ල

ශ්‍රීලනිපය “සහායට ඩැනී” වී මේ කරන්නේ රනිල්ගේ ලණුව කා අනුර කුමාරගේ තවදුරටත් පැවැත්ම රැකීමේ මෙහෙයුමකි. එයට මුදල් යහමින් ලැබෙන බැවින්, එහි ඇති අවුලක් ඔවුන්ට නොදැනේ.

දේශපාලනය යනු එක්තරා ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් කීවාට වඩාත් ආසන්න වන්නේ “දාම් ඇදීම” වැනි ක්‍රීඩාවන්ටය. මෙහිදී දාම් අදින ප්‍රධානීන් එය සිදු කරන්නේ තම තමන්ට අනන්‍ය වූ වඩා වැඩි පීඩාකාරී “ඉත්තාව” කපා දැමීම පිණිසය. එහි අමතර වාසිය යන්නේ කවර “ඉත්තාටදැයි” එහිදී ඔවුන් සලකා බලන්නේ නැත. රනිල්ගේ ලෝකයේ කෙළවා දැමිය යුතුව ඇති ප්‍රධාන ඉත්තා වන්නේ අනුර කුමාර නොවේ. ඔහුගේ ලෝකයේ වනසා දැමිය යුතුව ඇති “ඉත්තාවන්නේ” සජිත්ය. සජිත්ව
“චෙක්මේට්” කිරීමේ තම උවමනාවේ වාසිය යන්නේ අනුරට වුවද එය ඔහුට ප්‍රශ්නයක් නොවේ. දෙවෙනි දූර කාලයට අනුර එන්නේ සජිත් “මකබ්ලාස්” වී ඇති තත්වයක් තුළය. එවිට එතැන් සිට එජාපයට ස.ජ.බ නැති බිමක යළි නැගී සිටිය හැකිය. රනිල්ට උවමනාවන්නේ ස.ජ.බ රහිත එ.ජා.ප සහිත දේශපාලන පිටියක් නිමවා ගැනීම පමණි. එහිදී අනුර රනිල්ගේ පස මිතුරෙකු නොවේ. අනුර හා රනිල් එහිදී සැබෑ ලෙසම දේශපාලන ගජමිතුරෝ වෙති.

අනුර බලයේ සිටියද චම්පක බලයට පැමිණියද දිනන්නේ රනිල්ගේ බටහිර බල කඳවුරුය. සජිත් යනු ඔවුන්ට අනුව ආතක් පාතක් නැති ඉන්දියාවට ගැති, එහෙත් ඉන්දියාවද මේ වනවිට නොතකන සාධකයකි. අද අනුර තරම් ඉන්දියාවට ගැති වෙනත් කෙනෙකු නැති තරම්ය. බටහිරටද අනුර තරම් වෙන ගැත්තෙකු උවමනා නොවන තරමට අනුර ඒ භූමිකාව ඉටුකරමින් තිබේ. රනිල් කරන්නේ, බටහිරට අවශ්‍ය පරිදි අනුරට බැරිනම් චම්පක ගෙන ඒමය. චම්පක අසාර්ථක වුවත් දිනන්නේ අනුරය. ඒ අනුව, දිනන්නේ බටහිරය. මේ භූ දේශපාලන චිත්‍රය කියවා ගත නොහැකි කිසිවෙකුට මේ ගහන “ගේම්” එක කියවා ගැනීම කිසිසේත් කළ හැකි නොවේ.

ජනප්‍රිය පුවත්  මහජනතාවට "පුප" පෙන්වීම

නාමල්ලා දිලිත්ලා ද මෙය මැනවින් කියවාගෙන ඇතැයි පෙනෙන්නේ නැත. දේශපාලන ශාක්ෂරතාවයෙන් හීන, නැගෙන රැලි මත දිවෙන මෙරට හුදී ජනයාට නම්, මේ එක මගුලක්වත් තේරෙන්නේ නැත. ඔවුහු “ආලෝකා” බල්ලාට ද වැඳ පුදන්නෙත් ඒ අනුවය.

වඳින්න ඕනේ භික්‍ෂුවටය. අරහත් ධජය දරාගත් භික්‍ෂුවටය. අපගේ ගොං මෝඩ සැදැහැවත් බෞද්ධයෝ “ආලෝක” බල්ලාට ද වඳිති. බල්ලාට කාරුණික වීම මිස වැඳුම් සිදුකිරීම බුදුන් දෙසූ මග වන්නේ නැත.
චමිපක ද “ආලෝකා” වැනි බල්ලෙකි. ඇත්තටම චම්පක රණවකට වඩා නම්, ඒ “ආලෝකා” නම් වූ බල්ලා අහිංසකය.

ශ්‍රීලනිපය කර ගහන්නට යන්නේ නිකම්ම නිකම් බල්ලෙකුට නොවේ. කෘෘරත්වය අතින්, අශිෂ්ඨත්වය අතින් මුදුනේම සිටින බල්ලකුටය. රනිල් එවැනි බල්ලකු ඉදිරියට දමා තමන්ගේ “ගේම” ගහන එක අපට තේරුම් ගත හැකිය. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක උරුමය සහිත ශ්‍රීලනිපය “ආලෝකා” වන් නොවන නරක හා කෘෘර බල්ලකු ඔසවාගෙන යන්නේ කුමන චාරිකාවක් දැයි තේරුම් ගැනීම අපට නම් අසීරුය.

ශ්‍රීලනිපය ශ්‍රීලනිපය විය යුතුය. එය කෘෘර හා වනචර තක්කඩින්ගේ “සම්භාහන මධ්‍යස්ථානයක්” නොවිය යුතුය.”වයින් “එකක්වත් බොන්නේ නැතැයි අමරවීරලා කියන පිපාචයන් බොන්නේ රුධිරය බව නොදන්නා දේශපාලන උක්කුං බාබාලට ශ්‍රීලනිපය වැනි ඓතිහාසික උරුමයක් හිමිවීම හිඟන්නාට ලොතරැයියක් ඇදීම වැනිය. දේශපාලන හිඟන්නන්ට උරුම කාගෙන් හරි ලැබෙන කීයක් හරි වෙනුවෙන් කඩේ යාමය. ශ්‍රීලනිපයේ මැයි දින රැළියේ කතාව එය මිස වෙන යමක් නොවේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x