ගිම්හාන සමයේ චීනයට ගෝලීය සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක්
1 min read
ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන අධික උණුසුම් කාලගුණයත් සමඟ විදෙස් සංචාරකයින් රැසක් චීනයේ සංචාරය කිරීමට එක්වේ.
මෙම තත්ත්වය ගෝලීය සමාජ මාධ්‍ය තුළ ද ‘චීනයේ සංචාරය’ නම් ප්‍රවණතාවයක් ලෙසින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත් වාර්තා වේ.
ලොව බොහෝ ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයක් පැවතිය ද, චීනයේ ප්‍රදේශ රැසක සෞම්‍ය සිසිල් කාලගුණයක් පැවතීමත්, චීනයේ සිසිලන නිෂ්පාදන සඳහා පවතින ගෝලීය ඉල්ලුම ඉහළ යාමත් යනාදිය මෙවර ගිම්හාන සමයේ චීනය වෙත ලොව පුරා වැඩි අවධානයක් ලැබීමට වඩාත් හේතු වී තිබේ.
CGTN නාලිකාව සිදුකළ නවතම ගෝලීය මත විමසුමකට අනුව ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 86%ක පිරිසකගේ මතය වී ඇත්තේ ගිම්හාන සමය තුළ චීන ආර්ථිකය දේශීය පරිභෝජනයට ද මනා ශක්තියක් ලබා දී ඇති බවයි.
එමෙන්ම චීනයේ විශාල වෙළඳපොළ, ගෝලීය ආර්ථිකය සඳහා නව අවස්ථා නිර්මාණය කරන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
මෙම වසර ආරම්භයේ සිටම චීනය ලොව රටවල් රැසක් වෙත නිදහස් වීසා ප්‍රවේශය අඛණ්ඩව පුළුල් කර ඇති අතර චීනයේ සංචාරය කර යළි පිටව යන සංචාරකයින් සඳහා ඔවුන් චීනය තුළ ගෙවන ලද තම බදු ආපසු ලබා ගැනීමේ සේවාවන් ද පහසු කර තිබේ.
මෙය සියලු සංචාරකයින්ට වඩාත් පහසු සහ බාධාවකින් තොර සංචාරක සහ සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව විවර කර දීමකි.
තවද, චීනය සිය ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමත් සමග විදේශීය සංචාරකයින් සිය හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස චීනය හඳුනා ගෙන ඇති බව YouTube පරිශීලකයින්ගේ ද අදහස වී ඇත.
චීනයේ සංචාරය කිරීමේදී නවාතැන්, ආහාරපාන, ප්‍රවාහනය සහ සාප්පු සවාරි මෙන්ම ඒ සියල්ල හා බැඳුණු අති නවීන තාක්ෂණික ක්‍රමවේදයන්හි නවමු අත්දැකීම් සමඟින් විවිධාංගීකරණය වූ සහ විවෘත චීනයක් පිළිබඳ සෘජු අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව ද සියලු සංචාරකයින්ට හිමිවීම විශේෂත්වයකි.
එය සමස්ත ලොවටම චීනය පිළිබඳ නිවැරදි මෙන්ම පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද මනා ප්‍රවේශයක් බව චීන බලධාරීන් පෙන්වා දෙයි.
