සූරසේන “රී ලෝඩ්” සංශෝධනය අද රෑ ගැසට් කෙරේ !
1 min read
දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම වයස වසර 2 කින් දීර්ග කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද රෑ ගැසට් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
එම ගැසට් නිවේදනයේ සිංහල හා ඉංග්‍රිසි භාෂා පිටපත් සකස් කර අවසන්ව ඇතත්, දෙමළ පරිවර්තනය අද දවහල් වන විට ද සකස් වෙමින් තිබී ඇත. එය නිවැරදිව සිදුකර ගැනීමට සමත්වුවහොත් අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රී මුද්‍රණය කිරීම සිදුවනු ඇති අතර, යම් හෙයකින් දෙමළ පරිවර්තනය සිදුකර ගැනීම ප්‍රමාද වුවහොත් පමණක් එය මුද්‍රණය කිරීම හෙට (05) රාත්‍රී සිදුවනු ඇතැයි පැවසේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සංවාදය තවදුරටත් කල්ගතවීමෙන් එයට විරුද්ධ මහජන මතය උග්‍ර වන බව වටහාගැනීමෙන් පසු කඩිනමින් එය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අගවිනිසුරු, දේවගැති සුරසේනව වසර 2 ක් වැඩිපුර තබාගැනීම පිණිස ගෙන එන මෙම සංශෝධනය සමාජයට අලෙවි කිරීම සඳහා අළුතෙන් අභියාචනාධිකරණ පළාතකට එක බැගින් පිහිටුවීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබේ. විශ්‍රාමයාමට කාලය ඉතිරිව තිබුනත් අගවිනිසුරුවරයකුගේ උපරිම ධූර කාලය වසර 6 ක් ලෙස ද වන සංශෝධනයක් ද මීට ඇතුළත් කර ඇත්තේ ඒ අනුව ය.
මෙම සංශෝධනය අද රාත්‍රී ගැසට් කරන ලද හොත්, ලබන 19 වැනිදා එය පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙනු ඇත. ගැසට් කිරීම සිදුවනු ඇත්තේ හෙට (05) නම් ලබන 20 වැනිදා එය පාර්ලිමේන්තුව හමුවට සභාගත කිරීමට ඉදිරිපත් කරනු ඇත.
- ජීවන්ත සමයවර්ධන
