August 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර අඩපණ කරන කුමන්ත්‍රණයක් ගැනත් සැකයක් – අමාත්‍ය හර්ෂණ

1 min read

මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි සිද්ධි සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම කෙරෙහිද අවධානය යොමු වි ඇති බවය.

පැනනගින ඕනෑම තත්ත්වයකදී ජීවිත හානි අවම කර ගනිමින් පාලනය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනඟමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව ලැබුණු තොරතුරු ද මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ රැඳවියන් අතර මත්ද්‍රව්‍ය පදනම් කරගත් ආරවුලක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් විසින් පාලන තන්ත්‍රයට එරෙහිව සිදුකරන ලද්දක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එකවරම රැඳවියන් දහසක් පමණ පිරිසක් පැමිණ පෙර නොවු විරූ ලෙස ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණකාරී පිරිසක් සිටින බවට සැක කෙරෙන අතර එවැනි ක්‍රියාවක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.

ජනප්‍රිය පුවත්  දෝෂ ඇතිවීම නිසා ඉන්දියානු හෘද ස්ටෙන්ට් වර්ග 3ක් භාවිතයෙන් ඉවතට

එමෙන්ම අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදල් බවත්, ඒවා නැවත ගොඩනැගීමට සිදුවන්නේද එම මුදලින් බවත් රැඳවියන් තේරුම් ගත යුතු බවය.

මේ අතර, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ඇතුළු ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x