විදුලි ගාස්තු සම්බන්ධයෙන් PUCSL ගත් තීරණය
1 min read
2026 වසරේ තෙවන කාර්තුවට අදාළව කිසිදු ආකාරයක විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ කාර්තුව සඳහා දැනට පවතින විදුලි ගාස්තු ක්‍රමය තවදුරටත් ඒ ආකාරයෙන්ම බලාත්මක වනු ඇත.
මෙම කාලසීමාව තුළ නව ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවයක් මතු නොවන බවට සිදුකළ කරුණු අධ්‍යයනයකින් අනතුරුව කොමිසම විසින් මෙම තීරණයට එළඹ ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
