විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් සියලු රජයේ සේවකයන්ගේ කාලයත් දීර්ඝ කරන්න.. – මල්වතු නාහිමියන්ගෙන් අධිකරණ ඇමැතිට උපදෙස්
1 min read
විනිසුරුවරුන්ගේ සේවා කාලය හෝ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට පියවර ගන්නේ නම්, එම තීරණය සමස්ත රාජ්‍ය සේවකයන් සඳහා ද සාධාරණ වන පරිදි ක්‍රියාත්මක කළ යුතු බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සඳහන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
අධිකරණ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ හමුවී ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පෙන්වා දී තිබේ.
