ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි
1 min read
ගිනිගත්හේන සහ නාවලපිටිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් (03) දින නාය ගොස් ඇත.
පවත්නා තත්වය මත එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කර ඇත.
මේ අතර, එම මාර්ගයේ අඹගමුවේ පිටාර ගැලිම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
