September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරු සම්බන්ධයෙන් පැමිණිල්ලක්..

1 min read

අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් ‘Fair Comment’ නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම ආයතනය වාර්තා කරයි.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය සිදු කරන ලෙස ‘Fair Comment’ ආයතනයේ කර්තෘ ජසීම් ජමීල් විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අදාළ පැමිණිල්ලි මතු කර ඇති පළමු කරුණ වන්නේ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි වටිනා නිවසක් සම්බන්ධයෙන්, වාහන බලපත්‍ර අවභාවිතය සහ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙනි.

මෙම කරුණු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා උත්සාහ කළද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එම ආයතනය සඳහන් කරයි.

තමන් කිසිවෙකුට වැරදිකරු ලෙස චෝදනා නොකරන නමුත්, ඉහළ අධිකරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ වේදිකාවල පැතිර යන තහවුරු නොකළ තොරතුරු හේතුවෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වෙමින් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  "සිරස" පිනවන්න බද්ද පද්දයි !

එබැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කිරීම කොමිසමේ වගකීමක් බව ‘Fair Comment’ ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

  • කාශ්‍යප නුගගහවෙල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x