September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී අත්අඩංගුවට ! “සිග්නල්” එක සජිත් ට ! පළමු අණාවරණය අපෙන්

1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකව එළැඹෙන 30 වැනි දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂම හමුවට කැඳවා, ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. 2015 – 2019 කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් සේවකයන් තිදෙනකු රවී කරුණානායකගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය සඳහා නීති විරෝධීව යොදවාගැනීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිතය.

මීට පෙර, මෙම චෝදනාවට අදාළව එවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනියව සිටි නීතීඥ ෂර්මිලා පෙරේරා අල්ලස් කොමිෂම හමුවට කැඳවණු ලැබිණි. එහි දී මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර, අධිකරණය එදිනම ඇය වෙත ඇප ලබා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකව 30 වැනි දා කැඳවා ඇත්තේ එපරිද්දෙන්ම, එම කරුණ ගැන ඔහුගේ ප්‍රකාශය ගෙන, අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ය. අප ඉතා වගකීමෙන් අණාවරණය කරනුයේ එලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ද ඇප ලබාදීමට නියමිත බවය.

මෙම තීරණය ජනාධිපති අනුර කුමාර විසින් ගෙන තිබෙන්නේ ඊයේ (23) රාත්‍රියේ ය. මේ සඳහා උපදෙස් දීමේ දී රංග දිසානායක අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මට ඕනා මේකෙන් සජිත්ට සිග්නල් එකක් යවන්න. වැඩිය දැඟලුවොත් ඔයාට වෙන්නෙත් මේක තමයි කියන පණිවුඩය යවන්න…” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  C.J. පිස්සෙක් ! ජනාධිපතිගෙ යාලුවා කියයි !

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සම්බන්ධව ද 2015 – 2019 යහපාලන පාලන කාලයට අදාළ පරීක්‍ෂණ 3 ක් පවත්වා අවසන්ව තිබේ. එයින් එකක් රවී කරුණානායක සම්බන්ධ මෙම පරීක්ෂණයට සපුරා සමානය. එනම්, නිවාස අධිකාරියේ සේවකයන්, ජලනි ප්‍රේමදාසට අයත් විලාසිතාගාරයක සේවය සඳහා යොදවා තිබීමය. ඒ සම්බන්ධව නිවාස අධිකාරියේ නිලධාරින්ගේ හා අදාල සේවකයන්ගේ ප්‍රකාශ සියල්ල ගෙන ඇතත්, එතැනින් ඉදිරියට එම පරීක්ෂණය ඉදිරියට නොයන්නේ ජනාධිපතිවරයා දන්වා ඇති “රතු සංඥාව” නිසාය.

ඊයේ (23) සියළුම විපක්ෂ නායකයන් විපක්ෂනායක කාර්යාලයට එකතු කිරීමට විපක්ෂනායකවරයා ක්‍රියාකිරීම හේතුකොටගෙන බලවත් කලබලයට පත්ව ඇති ජනාධිපතිවරයා විපක්ෂනායකව දමනය කරගැනීමේ තුරුම්පුවක් වශයෙන් ලබන 30 වැනි දා රවී කරුණානායකට අදාළ පියවර ගන්නා ලෙස දන්වා තිබේ.

රවී කරුණානායක හා ජනාධිපති අනුර කුමාර අතර ද පවතින්නේ යහපත් සම්බන්ධතාවයකි. ඒ බව හොඳටම දන්නේ ප්‍රබල ව්‍යාපාරික ධම්මික පෙරේරා ය.

  • රවීනු සමරජීව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x