“ඊළඟ ඡන්දෙට ඉල්ලන්නෙ මමයි, ප්රේමකුමාරයි විතරයි !” – ජනපති අනුර
1 min read
පසුගිය දා පැවැති තම විශ්වවිද්යාල මිතුරන් කිහිපදෙනෙකුගේ හමුවක දී, ජනාධිපති අනුර කුමාර තම ඉදිරි සැලසුම් පිළිබඳව බෙහෙවින් විවෘතව කතාබහ කර තිබේ.
එහිදී සිය මිතුරන් හමුවේ ඔහු පවසා ඇත්තේ, මීළඟ මැතිවරණයට පෙර දූෂණ මර්ධන නීති තවත් දැඩිකර විපක්ෂයේ සියලුම දෙනා සිරගත කරන බවත්, ඒ නිසා ඒ මැතිවරණයට තරග වදිනකොට ඉතිරි වනු ඇත්තේ ජ.වි.පෙ. ත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් පමණක් බවත් ය.
ඉතා සැහැල්ලුවෙන් ඔහු ඒ බව කියා ඇත්තේ “මමයි, ප්රේමකුමාරයි විතරයි” යනුවෙනි.
විපක්ෂනායක සජිත් ප්රේමදාස ඕනම වෙලාවක අත්අඩංගුවට ගැනීමට කරුණු තිබෙන බවත්, ඔහුට එය කරන්නේ අවසානයටම බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්රකාශ කර තිබේ. ඕස්ට්රේලියාවට ගොස් ව්යාපාරික නිමල් පෙරේරාගෙන් ලබාගත් ප්රකාශය මත නාමල් රාජපක්ෂව ද කොටු කර ගත හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා සිය මිතුරන් හමුවේ ප්රකාශ කර තිබේ.
වරදකරුවකු කිරීමට දැනට පවතින නීති යටතේ බැරිනම් ඒ සඳහා අළුත් නීති ගෙන එන බවත්, අසීරුවෙන් ලබාගත් බලය පහසුවෙන් අත්හරිනු ඇතැයි කිසිවකු නොසිතිය යුතු බවත් ඔහු මෙහිදී පවසා ඇත.
මෙම හමුවට සහභාගි වූ ජනාධිපතිවරයාගේ කැළණි සරසවි මිතුරකු, මේ පිළිබඳව අප වෙත ප්රකාශ කළේ “මර්ධනය හැර වෙන කිසිම උත්තරයක් එයාට නෑ !” කියාය.
- ජනිත් කාරියවසම්
