July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රඛිත කොටුකළේ ජනපතිගේ ගැලවීමට ! සැඟවුණු කතාව මෙන්න !

1 min read

ආන්දෝලනයට ලක් වූ බාල ගල් අඟුරු ටෙන්ඩරය හිමිකරගත් Trident Chemphar Ltd සමාගමේ ලංකාවේ නියෝජිතයා (Local Agent) ලෙස ක්‍රියාකර ඇත්තේ සනත් බණ්ඩාර ජයසුන්දර ය. සනත් බණ්ඩාර ජයසුන්දර යනු, රඛිත රාජපක්ෂ ද අධ්‍යක්ෂවරයකු ලෙස සිටින 2025 ජනවාරි 09 ලියාපදිංචි කරන ලද INVEST.LK Ltd අධ්‍යක්ෂවරයෙකි. එහි අධ්‍යක්ෂවරුන් තිදෙනාගෙන් සෙසු අධ්‍යක්ෂවරයා වන්නේ හක්මන නන්දාලෝක හිමිය.

ආන්දෝලනාත්මක බාල ගල් අඟුරු මෙරටට ගෙන ආ Trident Chemphar Ltd හි දේශීය නියෝජිතයා වශයෙන් ක්‍රියාකළ සනත් බණ්ඩාර ජයසුන්දර ඒ සඳහා යොමු කර ඇත්තේ රඛිත රාජපක්ෂ ය.

මේ අතර කුප්‍රකට ගල් අඟුරු ටෙන්ඩරයට පෙර INVEST.LK (Pvt) Ltd, එනම් 2025 ජනවාරි 09 ලියාපදිංචි කරන ලද ආයතනයක් වූ පරිදිම, 2025 මැයි 16 Panaurora (Pvt) Ltd යනුවෙන් ආයතනයක් ද සමාගම් මැදුරේ ලියාපදිංචි කර තිබේ. එම සමාගමේ හිමිකාරිත්වය දරන්නේ හක්මන නන්දාලෝක හිමිට අමතරව INVEST.LK Ltd සමාගම නියෝජනය කරමින් රඛිත රාජපක්ෂ හා Sayaara Holdings නැමැති තවත් කොටස්කාර සමාගමකි. 2024 ජුනි 14 ලියාපදිංචි කර ඇති මෙම සමාගමේ අධ්‍යක්ෂවරු වශයෙන් සඳහන් වන්නේ හේරත් බණ්ඩාරලාගේ අනුරාධ ඕෂද හේරත් හා විජේසේකර ශානිිකා කුමාරි ය.

ජනප්‍රිය පුවත්  සජිත් සමඟ සිටින සුළු පක්ෂ අද රෑ රනිල් හමුවේ !

මෙම බාල ගල් අඟුරු ගනුදෙනුව ආරම්භවීමට පෙර සිටම බස්නාහිර ආණ්ඩුකාරවරයාව සිටි හනීෆ් යූසුෆ් හරහා රඛිත රාජපක්ෂ ජනාධිපති අනුර කුමාරට සමීප වී තිබේ. එමෙන්ම පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයේ ප්‍රධානින්ටද සැලකියයුතු මුදල් ආධාර සපයාදීමට ද ඔහු මූලිකත්වය ගෙන ඇත. ජනාධිපති අනුර හා රඛිත අතර වූ මිත්‍රත්වය කොපමණ සමීපතත්වයේ පැවතියේ ද යත්, රඛිත තම මිතුරන්ට පෙන්වීම සඳහා සිය දුරකථනයේ ඡායාරූපයක් ද තබාගෙන ඇත. ඒ ඔහු හා ජනාධිපතිවරයා “සිංගල් මෝල්ට් විස්කි” පානය කරමින් කතාබහ කරන අවස්ථාවක ගෙන තිබෙන ඡායාරූපයක් ය.

කෙසේ වෙතත්, එල්ල වූ බරපතල විවේචන හේතුකොටගෙන ජනාධිපතිවරයා බාල ගල් අඟුරු ටෙන්ඩරය ගැන සෙවීම ද ඇතුලත් විමර්ශනයකට විශේෂ ජනාධිපති කොමිෂමක් පත්කරනු ලැබුවේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂම මේ වන විට බාල ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳව නොරොච්චෝල ලක්විජය බලාගාරයේ නිලධාරින් ඇතුළුව රාජ්‍ය නිලධාරින් 100 කට අධික සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ වන විට කොමිෂම සැලසුම් කර ඇත්තේ ලබන ජූලි මස මුල් සතියේ සිට විවෘත මහජන සාක්ෂි විභාගය ආරම්භ කිරීමට ය.

ජනප්‍රිය පුවත්  ත්‍රිකුණාමලයේ ඉන්දු - ඇමෙරිකා ''ක්‍ෂණික ප්‍රතිචාර" කඳවුරක්!

ජනාධිපතිවරයා කලබල වී ඇත්තේ, දැනට සිදුකර තිබෙන විමර්ශනයට අනුව අදාළ ඉහල පෙලේ නිලධාරින් වැඩි දෙන‍ෙකුගෙන් කියැවී ඇත්තේ ජනාධිපති අනුර කුමාර මෙම Trident Chemphar Ltd සමාගමට ටෙන්ඩරය ලබාදීමට පෙර හා පසුවද දුරකථන මගින් කර ඇති විවිද බලපෑම් පිළිබඳවය. විදුලිය බලය හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ අමාත්‍යාංශ නිලධාරින් ද දෙන ලද ප්‍රකාශ මගින් ජනාධිපතිවරයා සිදුකරන ලද බලපෑම සනාථ කර ඇත.

මෙහිලා කලබලයට පත් වූ ජනාධිපති අනුර කුමාර තීරණය කරන ලද්දේ, බාල ගල් අඟුරු ටෙන්ඩරයේ වගකීම තමන්වෙත ඒම වලකාගැනීම සඳහා එහි වගකීම Trident Chemphar Ltd සමාගමේ දේශීය නියෝජිතයා වෙත පැටවීමටය. සනත් බණ්ඩාර ජයසුන්දර ඉදිරියට දමා මෙම දේශීය නියෝජිතයා ලෙස සැබෑවටම ක්‍රියා කළේ රඛිත රාජපක්ෂය.

මීට වසරකටත් වඩා පැරණි, නිර්නාමික චෝදනාව සක්‍රීය කර වහාම රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ, එමඟින් ඔහු බිය ගන්වා ගල් අඟුරු විමර්ශණ කොමිෂමේ විවෘත විභාගය හමුවේ වගකිවයුත්තා බවට රඛිත රාජපක්ෂ ඇතුළු සමාගම පත් කර ගැනීමට ය.

දැනටම ජනාධිපතිවරයා රඛිත රාජපක්ෂට මේ පිළිබඳ සිය යෝජනාව දන්වා තිබේ. රඛිත රාජපක්ෂ එයට එකඟ වුවහොත් මිස ඇප ලැබීමට ඇති හැකියාව ඉතා අඩු බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දේ.

ජනප්‍රිය පුවත්  බිමල්ව ගේන්න වෙනම ගුවන් යානයක්!

මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේ දී ඔබ හමුවේ තැබීමට අපි සූදානමින් සිටිමු.

  • සුහාරා වනිගසූරිය –

හක්මන නන්දාලෝක හිමි 👆

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x