September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරයලා ඇතුළට දාන්න නම් මෙයා තියාගන්න වෙනවා… විනිසුුරු විශ්‍රාම වයස් තීන්දුවට හොට දාන්න එපා…! – ලාල් විජේනායකට මාලිමා කෙරුමෙක් දැනුම් දෙයි…

1 min read

ඉහළ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ හෝ ජාතික විධායක සභාවේ හෝ ජාතික ජන බලවේග මෙහෙයුම් මණ්ඩලයේ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ බව එහි සාමාජික ජනාධිපති නීතිඥ ලාල් විජේනායක අවධාරණය කරයි.

පසුගියදා ජනාධිපති අනුර දිසානායකගේ මූලිකත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම අදහස ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වූ බවද එම හමුවෙන් පසු තමන් දුරකතනයෙන් ඇමතූ ජාජබ ජාතික විධායක සභා සාමාජිකයෙකු මෙම කාරණාව පිළිබඳ නිහඬව සිටින ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ පෞද්ගලික අදහස් දැක්වීමකදී ලාල් විජේනායක පවසා ඇත්තේ “අරගොල්ලන්ව ඇතුළට ගන්නට මෙයාව තියාගන්න වෙනවා.” (මේ වචන එම ප්‍රකාශය හැකි තරම් ශිෂ්ට ලෙස වෙනස් කිරීමකි; ලේඛකයා) යනුවෙන් විධායක සභිකයකු තමාට කී බවයි.

ඉහත කී රැස්වීම අවසානයේදී ජනාධිපතිවරයා අමතා, “අරයා ඒ වචනවලින් කී දේම තමයි ඔබ වෙනත් වචනවලින් කිව්වේ.” යැයි තමා කී බවද ජනාධිපති නීතිඥ ලාල් විජේනායක කියයි.

  • දිදුල නාගානන්ද
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x