උසස්පෙළ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 6ක් අම්බලන්තොටින් හමුවෙයි
1 min read
අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී අද (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ.
එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි.
අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
