June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

NDB අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වෙයි! හොරකම වුණේ නන්දලාල් දැනගෙනද?

1 min read

NDB බැංකුවේ තැන්පත්කරුවන් සතු මුදලින් රුපියල් මිලියන 13, 200 (බිලියන 132) මහා පරිමාණ හොරකම පිළිබඳ පරීක්ෂණ කරන කණ්ඩායම, එම හොරකම සමඟ මහ බැංකු නිලධාරීන්ගේ සබඳතාවක් තිබී ඇත්දැයි මේ වන විට විමර්ශනය කරමින් සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවත්නා මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) අධි – තාක්ෂණික පද්ධතියට සැකකටයුතු මූල්‍ය ගනුදෙනු හඳුනා ගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම ඊට එරෙහිව වහාම ක්‍රියාත්මක වීමට ද අතිශය සංකීර්ණ හා නවීන පද්ධතියක් මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. එම ක්‍රියාවලිය වඩාත් විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා 2006/07 කාලවකවානුවේදී එවකට සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මඟපෙන්වීම මත, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා මාලා දයාරත්න මහත්මිය විසින් මූලික පද්ධති ස්ථාපනය කර තිබේ.

පසුව ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික සහය ඇතිව මෙම පද්ධති තවදුරටත් නවීකරණය කර ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ වන මූල්‍ය බුද්ධි ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන Lankafin මෙහෙයුම් සඳහා goML නමැති ලොව පිළිගත් අතිශය මිල අධික මෙන්ම දියුණු වාර්තාකරණය සමග විශ්ලේෂණ පද්ධතියක් භාවිතා කරනු ලබයි.

ජනප්‍රිය පුවත්  තෙල් මිල වැඩි කර බිලියන 10ක අතිරේක ලාභයක්!

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කර තිබෙන එම පද්ධතිය කෙතරම් සියුම් ද යත්, ගනුදෙනු සිදු කරන පුද්ගලයින්, බැංකු කාලසීමාවන්, මුදල් ප්‍රමාණයන් සහ ගනුදෙනු රටාවන්හි ප්‍රවණතාවන් පවා ඉතා නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව එය සතු වේ. යම් හෙයකින් අසාමාන්‍ය රටාවක් නිරීක්ෂණය වුවහොත්, පද්ධතිය මඟින් එම ගනුදෙනු ‘‘සැකකටයුතු ගනුදෙනු වාර්තා“ (STR) ලෙස ජනනය කර ‘රතු කොඩි’ (Red Flagsed) මඟින් සලකුණු කරනු ලබයි.

එවැනි වාර්තා ලද වහාම මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී සුභාණි කීර්තිරත්න, සහකාර අධිපති එනෝකා මොහොට්ටි සහ අධිපති නන්දලාල් වීරසිංහගේ අවධානයට යොමු කෙරේ. රුපියල් ලක්ෂ 9 ක වැනි කුඩා මුදලක් සම්බන්ධයෙන් පවා වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ මෙම මධ්‍යම පද්ධතියට පිළිතුරු දීමට ඔවුන් බැඳී සිටින බැවිනි.

මෙවැනි දැඩි අධීක්ෂණයක් පවතින පසුබිමක NDB බැංකුව සතු රුපියල් මිලියන 13200ක මුදලක් හොරකම් කිරීමට හැකිවීම විමතිය දනවන කරුණක් බව විමර්ශකයින්ගේ මතය වී තිබේ. මෙම මුදල් සූක්ෂ්ම ලෙස පිටතට ගෙන ඇත්තේ CEFTS හරහා වරකට රුපියල් මිලියන 5 බැගින් වූ ගනුදෙනු මාලාවකිනි. දැනට පරීක්ෂයකන් අනාවරණය කරගෙන ඇත්තේ මාස කිහිපයක් පුරා මෙවැනි සමාන ගනුදෙනු 2,640ක් NDB බැංකුවේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් විසින් සිදු කර ඇති බවයි.

ජනප්‍රිය පුවත්  NPP මන්ත්‍රී කෝසල නුවන්ව මරා දැමුවාද?

විමර්ශකයන්ගේ විමතියට හේතු වී ඇත්තේ, එවැනි පුනරාවර්තන ගනුදෙනු මාලාවක් සිදුවෙද්දී, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ස්ථාපිත අදාළ පද්ධතියේ ‘රතු කොඩි’ යටතේ සලකුණු නොවීමට හෝ ඒ මඟින් අධිපතිවරයා දැනුවත් නොවීමට කිසිදු ඉඩක් නැති තත්වයක් යටතේ මහ බැංකුව නොදැක්කා සේ සිටියේ කුමන කරුණක් මත ද යන්නයි.මහ බැංකුව සහ එහි නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මෙම හොරකම සිදුවූයේ ද යන සැකය ඒ අනුව විමර්ශකයන් තුළ ඇති වී තිබේ.

මෙම හොරකම හේතුකොටගෙන ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ‘‘A(1KA)“ සිට A(1KA) දක්වා NDB බැංකුව ශ්‍රේණිගතකිරීම්හි පහත හෙළා ඇත. එම වැංකුවට අහිතකර (Negative) දෘෂීඨිකෝණයක් Out look) ලබාදීම හේතුවෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලයඉල්ලා අස්විය යුතු බවට එම බැංකු අභ්‍යන්තරයෙන් පීඩනයක් එල්ල වීමට පටන්ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

දයානාත් අමරමුණි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Gretchen4023
Gretchen4023
1 month ago
Aubrey2
Aubrey2
1 month ago
2
0
Would love your thoughts, please comment.x
()
x