September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසර 7 කට පසු චීන ජනපති ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

1 min read

ලබන සැප්තැම්බර් 12–13 යන දිනවල නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත BRICS රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පෝ, 400 කට ආසන්න විශාල නියෝජිත පිරිසක් සමඟ ඉන්දියාවේ සංචාරය කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මෙය වසර 7 කට පසු චීන ජනාධිපතිවරයා සිදුකරන පළමු ඉන්දීය සංචාරය වන අතර, 2020 වසරේ හිමාලයානු සීමාවේ ඇති වූ දේශසීමා ගැටුම්වලින් පසු දෙරට අතර ලිහිල් වෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකෙනවා.

සංචාරයේ නිල තහවුරු කිරීම් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ නව වෙළඳ ප්‍රතිපත්ති හමුවේ මෙම සමුළුව දෙරටටම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වනු ඇති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x