September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිට ආරක්ෂාව වැඩියෙන් ඉල්ලයි ! යුද හමුදාවෙන් 1000 ක් !

1 min read

අද (06) සිට ආරම්භ කෙරෙන ජනාධිපති අනුර කුමාරගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මහජන රැළි සඳහා අතිරේක ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා මෙන් පැලවත්තේ ප්‍රධානින් යුද හමුදාපතිවරයා වෙතින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එයට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා සහභාගි වන සෑම රැස්වීමකටම යුද හමුදා සෙබළුන් 1000 ක පිරිසක් යෙදවීමට යුද හමුදාපතිවරයා විසින් පියවර ගෙන තිබේ.

මෙම රැස්වීම් සඳහා වන රාජ්‍ය පහසුකම් සලසා දීමේ දී කිසිදු ලිඛිත ගනුදෙනුවක් ඊට අදාළව නොකළ යුතු බවට ද මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් යවා තිබේ.

මෙම රැස්වීම් සඳහා සහභාගිවීමේ දී ජ.වි.පෙ. සංවිධායකයන් විසින් අනුමත කර දී තිබෙන පුද්ගලයන්ට හැර අන් කිසිවකුට වේදිකාව ආසන්න ආරක්ෂක වලල්ල සමීපයේ රැඳී සිටීම ද තහනම් කර ඇත.

අපගේ පෙර පුවත මගින් අණාවරණය කරන ලද පරිදි ජනාධිපතිවරයා වේදිකාවට පැමිණ නික්ම යනතුරු බේරුවල වරායට කිසිදු බෝට්ටුවක් ඇතුළු වීම ද තහනම් කර තිබේ. කොටි ත්‍රස්තයන් සමඟ යුද්ධ කරන කාලයේදීවත්, එවකට ජනාධිපතිවරයා වෙනුවෙන් හෝ මෙවැනි දැඩි ආරක්ෂක පිළිවෙතක් ක්‍රියාත්මක නොවූ බව ආරක්ෂක අංශවල මතය වී ඇත. ජනාධිපති ආරක්ෂක අංශයට අමතරව, අවි පුහුණුව ලද ජ.වි.පෙ. සාමාජිකයන් පිරිසක් ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධ කටයුතුවල නියැලී සිටිති. එම කණ්ඩායම පිළිබඳ ජනාධිපතිවරයා තුල විශ්වාසය බිඳවැටීමක් සිදුව ඇතැයි ද එහි සමීප ආරංචි මාර්ග පවසයි.

ජනප්‍රිය පුවත්  පොහොර හිඟයක් ! ඇණවුම් ප්‍රතික්ෂේප වෙයි!

යුද හමුදාවේ අමතර ආරක්ෂාව ලබා ගැනීම සිදුවන්නේ එම කරුණ හේතුකොටගෙන බව වැඩිදුරටත් අණාවරණය වේ.

  • ලලිත් විජේසිරි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x