September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 න් විනිසුරුට රට සවාරි !

1 min read

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන විසින් පත් කරන ලද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් සාමාජිකයකු වූ සම්පත් අබේකෝන්ට ප්‍රංශ සංචාරයක වාසනාව උදා වී ඇතැයි අපගේ ආරංචි මාර්ග අණාවරණය කර සිටී.

මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සිටි, කිසිවකුට පක්ෂග්‍රාහී වූ බවට පූර්ව නිගමනයක් නොතිබූ එකම විනිසුරු වූයේ සම්පත් අබේකෝන් ය. අගවිනිසුරුවරයා ඇතුළු සෙසු විනිසුරුවන් එකම කල්ලියක සාමාජිකයන් ලෙස නීති ක්ෂේත්‍රය හඳුනාගෙන තිබේ.

අප වෙත වාර්තා වී ඇති අන්දමට, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවසන් විනිශ්චයේ දී සම්පත් අබේකෝන් විනිසුරුවරයා ගෙන ඇත්තේ, සෙසු 4 දෙනා ගෙන ඇති ස්ථාවරයට විරුද්ද ස්ථාවරයයි. එමගින්, 22 පිළිබඳව බෙදුණු තීන්දුවක් (4 ට 1 වශයෙන්) ලැබීමේ අවධානම නිර්මාණය වී ඇත. එම තත්ත්වය තුල එසේ වීම වලක්වාගැනීම පිණිස සම්පත් අබේකෝන් විනිසුරුවරයාට රට සවාරියක් අල්ලසක් ලෙස ලබාදීමට ආණ්ඩුව පියවර ගනිමින් තිබේ.

කටාර් එයාර්වේස් පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් ලබා දී, පළමුව ප්‍රංශයේ සංචාරයක් සිදුකර, අනතුරුව ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ සංචාරය කරවීම ඒ අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

ජනප්‍රිය පුවත්  "මාලිමා" නීතිඥයෝ සටනට බසිති !

එමගින් බෙදුණු තීන්දුවක් ඇතිවීම වලකාගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

  • හසිත තල්දුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x