September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනි ඉවතට අගමැතිකම විජිතට !

1 min read

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය 6 වැනිදා පැවති ජාතික ජන බලවේගයේ රැළි සඳහා සහභාගි වී නොසිටියේ ඇයට ඒ සඳහා පැලවත්තෙන් ආරාධනා නොලැබ තිබූ නිසා බව අගමැතිනියට සම්බන්ධ ආරංචි මාර්ග අණාවරණය කර සිටී. ඇය භූතානයේ පැවැති් සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගි වී සැප්තැම්බර් 05 වැනි රාත්‍රියේ දී ලංකාවට පැමිණ ඇත්තේ ආරාධනා ලද හොත් එම රැළි සඳහා සහභාගිවීමේ අදහසින් ය.

අගමැතිනිය හා මෛත්‍රී වික්‍රමසිංහ අතරවන රහසිගත හමුවීම් මෙන්ම, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඇය විසින් මත ඵල නොකිරීම යනාදී හේතුමත පැලවත්ත හා අගමැතිනිය අතර මේ වන විට බලවත් සීතල යුද තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අපගේ ආරංචි මාර්ගයට අනුව, ඇය මේ වන විට පසුවන්නේ දේශපාලන වශයෙන් හුදකලා කරන ලද ඉරණමකට ලක්වය.

මේ අතර, මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති ජ.වි.පෙ. ඉහළ මණ්ඩල සාකච්ඡාවක දී තීරණය වී ඇත්තේ පක්ෂ මාරු කිරීමට නොහැකි වන පනත සම්මත කිරීමෙන් පසු හරිනි අමරසූරිය අගමැති ධූරයෙන් ඉවත් කර ඒ සඳහා අමාත්‍ය විජිත හේරත් පත් කළ යුතු බවය. ජාතික මැතිවරණයකට සමීපව තිබිය දී ගැටුම පුපුරා යාම වෙනුවට, කල්තබා තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම වඩා හිතකර බව එහිදී අවධාරණය වී තිබේ.

ජනප්‍රිය පුවත්  හරක් කටාගේ සිද්ධියට පටලවා තවත් තොගයක් අත් අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ පැති මාරු කිරීම වලකන නව පනත කඩිනමින් ගෙන ආ යුතු බව ද මෙහිදී තීරණය වී තිබේ. එමෙන්ම, එම පනත සම්මත කිරීමෙන් පසුව සිදු කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් මෙම වෙනස සිදු කිරීමටත්, එහිදී විදේශ අමාත්‍ය ධූරයට නලින්ද ජයතිස්ස පත්කිරීමටත් තීරණය වී තිබේ.

  • රංග එදිරිවීර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x