September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දීමට ගිය හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට!

1 min read

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායක (Ravi Karunanayake) අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.


ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි පවසමින් බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන ඇත.


එම විමර්ශන සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණානායක අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි අතර, එහිදී ප්‍රකාශය ලබාදීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x