September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“තමාගේ නඩුව තමා ඇසීම වැරදියි !” – පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමය

1 min read

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඒ මහතා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරිය හමුවීමට කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැත.

එම වාර්තාව මගින් ප්‍රධාන ගැටලු කිහිපයක්ම පෙන්වා දෙයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති බැවින්, එහි සෘජු ප්‍රතිලාභියා වන අගවිනිසුරුවරයා නඩුවෙන් ඉවත් විය යුතු බවට වූ ඉල්ලීම නිසි හේතු දක්වන්නේ නැතුව ප්‍රතික්ෂේප කිරීම අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ සැක පහළ වීමට හේතුවක් වන බව එහි සඳහන් වේ.

එමෙන්ම සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 17 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් පත් කිරීම සහ එහිදී අගවිනිසුරුවරයා හැර ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් සිව්දෙනාම ඇතුළත් නොකිරීම ද දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

ජනප්‍රිය පුවත්  එල්නිනෝවෙන් ජුනි ජූලි මාසවල වැස්සේ සැර බහී

මීට අමතරව, වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීමෙන් පසු පෙත්සම්කරුවන්ට වාචිකව පිළිතුරු දීමට අවස්ථාව නොදී ලිඛිත දේශනවලට පමණක් සීමා වීමට නියෝග කිරීම පටිපාටිමය සාධාරණත්වය උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දෙන ස්ටීවන් තිරූ මහතා, ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය සුරැකීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

  • මනෝජ් විජේසිරි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x