September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් පීඩාවට

1 min read

එල් නිනෝ තත්ත්වයේ හමුවේ දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක 7ක, පවුල් 25,628ක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවය.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට මෙම එල් නිනෝ බලපෑම එල්ල වී ඇති අතර, ඉන් පීඩාවට පත් පුද්ගලයින් 72,153දෙනෙකු වෙත මේ වන විටත් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ එම පිරිසට ද පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇති බවය.

ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පුද්ගලයින් 28,523 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් වෙතද පානීය ජලය බෙදා හැරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 8,783දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඉන් පුද්ගලයින් 7,882 දෙනෙකු සඳහා පානීය ජලය සපයා ඇත.

ජනප්‍රිය පුවත්  ඉරාන නායකයාගේ අවමංගල්‍යය උළෙලේ වියදම ඩො. මිලියන 800ක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 7,876 දෙනෙකු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පුද්ගලයින් 2,646 දෙනෙකුද මෙම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටී.

මීට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 499 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 515 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය සහන සැලසීමේ හා පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙල ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x