ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
1 min read
42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙන බවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
ආගමික ස්ථාන ශක්තිමත් කරමින් සහජීවනයෙන් පිරි අනාගතයක් උදා කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යංශය පවසන්නේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ හරහා ප්‍රදේශයේ ආගමික ස්ථානවල පහසුකම් සංවර්ධනය කිරීම සහ අන්තර් ආගමික සහජීවනය තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කරන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
