විපක්ෂයේ නීතිඥයින් සාදා දෙන ලිපිවලට මහනායක හිමිවරු අත්සන් කරනවා.. – මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම
1 min read
මහනායක හිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් එවූ පසු එය පෞද්ගලික ලිපියක් බවත් එය ප්‍රසිද්ධ කළ යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
රූපිවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්, විපක්ෂයේ නීතිවරු ගොස් මහනායක හිමිවරුන් අස්තසන් කර දීමට ලිපි ලබාදෙන බවත්, මහනායක මිහිවරුන්ට අවශ්‍ය වූවා නම් ජනාධිපතිවරයාට ලිපි එවන විට ජනමාධ්‍ය ආයතනවලට එම ලිපි යැවීමට ද තිබූ බවත් ඔහු පවසයි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා එම ප්‍රකාශය දැඩිව හෙළාදකිමින් පැවසුවේ මහනායක හිමිවරුන් නීතිඥවරුන් සාදා දෙන ලිපිවලට අත්සන් නොකරන බවත්, වහාම එම ප්‍රකාශය පිළිබඳව සමාවගත යුතු බවත් ය.
