September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයකුගේ මළ සිරුර සොයා ගනී..

1 min read

අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන ඇත.

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන මෙම පුද්ගලයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිට ඇති නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය වී තිබුණි.

එහිදී සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගත් බවද පොලීසිය පැවසීය.

ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද (24) දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී ඔහුගේ මළසිරුර මෙලෙස සොයාගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x