August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල් නිනෝ තත්වයෙන් යාල සතුන් දැඩි පීඩාවට

1 min read

පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ යාල ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතා ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

වැසි නොලැබීමටත් වඩා දහවල් කාලයේ ඇති අධික උෂ්ණත්වය නිසා වන සතුන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් වී ඇති බවත් කෙසේ හෝ පිපාසය සංසිඳවාවා ගත්තද උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුතාවය වන සතුන්ට තදින්ම දැනී ඇතැයිද කීය.

මෙම තත්ත්වය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් සැප්තැම්බර් 14 වන දා සිට ඔක්තෝබර් 15 වන දා තෙක් කෙටි කාලයකට යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

එහිදී වසා දමනු ලබන්නේ යාල කලාප අංක එක (Block 01) පමණක් වන අතර යාල දෙක සහ තුන කලාප සංචාරය සඳහා විවෘතව පවතී.

මෙම කාලසීමාව තුළ තදින් වැසි ලැබුණහොත් වැව් කඩාගෙන යෑමට ඉඩ ඇති බවත් උද්‍යානය තුළ ඇති මාර්ග ආරක්ෂා කර ගැනීමත් එහි එක් අරමුණක් බවද පෙන්වා දුන්නේය. නමුත් එම කාලසීමාව තුළ අවශ්‍ය පරිදි වැසි ලැබී උෂ්ණත්වය සමනය වුවහොත් නියමිත දිනට පෙර යාල විවෘත කිරීමට කටයුතු කළ හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ජනප්‍රිය පුවත්  නිකරගුවාවේ මින් ඉදිරියට මැතිවරණ පවත්වන්නේ නැති බව ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා ප්‍රකාශ කරයි.

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x