August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

1 min read

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා, මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙය බලාත්මක වනු ඇත.

ඒ අනුව වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.0-3.0)ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්ය.

ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x