August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවම වැටුප් ලබන රටවල් අතරින් ලංකාව කප් ගහයි

1 min read

ලෝකයේ අවම වැටුප් ලබන රටවල් අතරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයේ පසුවන බවට ආර්ථික විශ්ලේෂණ වෙබ් අඩවියක් වන විෂුවල් කැපිටලිස්ට් (VISUAL CAPITALIST) වෙබ් අඩවිය අනාවරණය කරයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව රටවල්වල පවතින මාසික වැටුප් එම රටවල මිලදී ගැනීමේ හැකියාව සමග (Purchasing Power Parity) සසඳමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව එකසිය විසිවැනි ස්ථානයේ පසුවන අතර ඉන් පහළ ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ නයිජර්, භුතානය, හයිටි, ගිනියා, ඝානා, ගැම්බියා වැනි රටවල්ය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුප මිලදී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්ති සාම්‍ය) සමග ගැළපීමේදී ඇමරිකානු ඩොලර් දෙසීයක් ලෙස සටහන් වෙයි. එය මෙරට මුදලින් රුපියල් හැටහය දහසක් පමණ වේ.

මෙම ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව පසුවන්නේ 111 වැනි ස්ථානයේ වන අතර ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රේණිගත කිරීම්හි විසි පස්වැනි ස්ථානයේ පසුවෙයි.

ආසියාවේ වැඩිම වැටුප ලබන රටවල් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දකුණු කොරියාව වන අතර එහි මාසික වැටුප ඇමරිකානු ඩොලර් 2366 ක් ලෙස සටහන් වෙයි.

ජනප්‍රිය පුවත්  උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

ලොව වැඩිම වැටුප් ලබන රටවල් අටක්, යුරෝපීය රටවල් වන අතර ඉන් ඉදිරියෙන්ම පසුවන්නේ ස්විට්සර්ලන්තය වන අතර එහි වැටුප් අගය ඇමරිකානු ඩොලර් 3804 කි.

ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ ජර්මනිය පසුවන අතර එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්‍ට්‍රේලියාව, බෙල්ජියම, අයිස්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය සහ අයර්ලන්තය පිළිවෙළින් ලොව වැඩිම වැටුප් ලබන රටවල් දහය අතර වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x