June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

’62 කුමන්ත්‍රණයේ නූතන මෙහෙයුම

1 min read

1962 ජනවාරි 27 වැනිදා ශ්‍රී ලංකා රාජ්‍ය පෙරළා දැමීමට ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමට අයත් ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැලසුම් කළ “කර්නල් කුමන්ත්‍රණය” තුළ මේ ඡායාරූපයේ සිටින චිත්තහරී අබේනායකගේ පියා වූ ලුතිනල් කර්නල් ෆීලික්ස් අබේනායක ද විය. ඔහු ක්‍රියා කළේ කර්නල් එෆ්.සී. ද සේරම් යටතේය. ඔහු ස්වේච්ඡා හමුදා බල ඇණියක අණ දෙන නිලධාරියකු විය.

1962 හමුදා කුමන්ත්‍රණය එකල හඳුන්වනු ලැබුවේ “කර්නල් කුමන්ත්‍රණය” කියාය. මේ රාජ්‍ය පැහැරගැනීමේ කුමන්ත්‍රණය තුළ සිටියේ ආරක්ෂක හමුදා හා පොලිසිය තුළ සිටි ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමට අයත් නිලධාරින්ය.

1956 දී ස්වභාෂා ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. එම ප්‍රතිපත්තිය හඳුන්වා දීම මත කළකිරුණේ ඉංග්‍රීසි උගත් ප්‍රභූ පැලැන්තිය ය. එවකට පොලීසියේ හා හමුදාවේ ඉහළ තනතුරු දැරුවේ ඉංග්‍රීසි භාෂාව කතා කළ බර්ගර්, දෙමළ සහ සිංහල ක්‍රිස්තියානි පුද්ගලයන්ය. ස්වභාෂාවට ඉඩ විවෘත කිරීම මගින් මේ ඉංග්‍රීසි කතා කරන පැලැන්තිය තම අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයකට ගොදුරු විය.

ඒ අතරම, බණ්ඩාරනායක රජය ක්‍රිස්තියානි සහ කතෝලික පල්ලි සතුව තිබූ ආගමික පාසැල් රජයට පවරාගැනීමට කටයුතු කළේය. මෙයට කතෝලික පල්ලිය සහ ජනතාව දැඩි ලෙස විරෝධය පළකළහ.

ඒ අතර තුර, වමේ වෘත්තීය සමිති වැඩ වර්ජන නොනවත්වාම සිදු කළේය. ඒවා මැඩ පැවැත්වීමට හමුදාව යෙදවීම ගැන නොසතුටක් හමුදාවේ ප්‍රධානින් තුළද ඇතිවන්නට විය. සියළු හේතු සාධක එකට එකතු කර සිදු වූයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පණ ගැන්වීමය. චිත්තහරී අබේනායකගේ තාත්තා සිටියේ ද මේ මෙහෙයුමේය.

ජනප්‍රිය පුවත්  “ආලෝකා” සහ ශ්‍රිලනිප !

1962 ජනවාරි 27 වැනි දා දියත් කිරීමට සැලසුම් කළ “ඔපරේෂන් හෝල්ඩ්ෆාස්ට්” (Operation Holdfast) නැමැති හමුදා කුමන්ත්‍රණයේදී චිත්තහරී අබේනායකගේ තාත්තා වූ ලුතිනන් කර්නල් ෆීලික්ස් අබේනායකට පැවරී තිබූ ප්‍රධානතම වගකීම වූයේ කොළඹ පිහිටි ලේක් හවුස් ආයතනය වැටලීම සහ එහි පාලනය අත් පත් කර ගැනීමය. කුමන්ත්‍රණ සැලසුමට අනුව ඔහුට පැවරී තිබුණේ, මාධ්‍ය පාලනය සහ සන්නිවේදනය අවහිර කිරීමය. එනම්, කුමන්ත්‍රණය ක්‍රියාත්මකවන අවස්ථාවේදී රජයට පක්ෂපාතී මත ප්‍රකාශවීම වැලැක්වීම සහ රටේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ජාලයේ බලය අත්පත් කර ගැනීමය. එමෙන්ම, කොළඹ නගරය හුදකලා කිරීම ද ඔහුට පැවරී තිබූ වගකීමේ කොටසක් විය. කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන මාර්ග සීල් තැබීමට සහ ලේක් හවුස් පරිශ්‍රය ආරක්ෂක වළල්ලක් මගින් වටකිරීමට බාර වී තිබුනේ ඔහු ඇතුළු කණ්ඩායමට ය. ලංකා ස්වේච්ඡා කාලතුවක්කු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස තම බලකායේ සෙබලුන් මේ සඳහා මෙහෙයවීම පැවරී තිබුණේ ලුතිනන් කර්නල් ෆීලික්ස් අබේනායකට ය.

සලේගේ සෞඛ්‍ය තත්වය හොයන්නට බාරදී ඇත්තේ මේ ෆීලික්ස් අබේනායක නැමැති උග්‍ර ක්‍රිස්තියානි – කතෝලික ආගම්වාදී කුමන්ත්‍රණකරුවාගේ දුවටය. චිත්තහරී අබේනායක යනු ඇයගේ නම ය. ඇය කොටි සංවිධානය රාජ්‍ය දෙකඩ කර දෙමළ ඊළමක් බිහිවන දිනය දෙස බලා සිටි හැතිරියක්ය. ඇය රජයේ හමුදාවන්ට වෛරකරන ලද රාජ්‍යවිරෝධී මනසකින් හෙබි ලලනාවක්ය. මේ ලලනාව, ඇය කැමැති අය දමාගෙන හොයන්නට යන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේට ඇතිවී ඇති හිරිහැරය ගැනය. හොරාගේ අම්මගෙන් පේන ඇසීම මීට වඩා යහපත් යැයි අපට කියන්නට සිදුවන්නේ, ජානමය වශයෙන් රාජ්‍ය විරෝධී හැතිරියකගේ නඩයකට සලේට සාධාරණයක් ඉටු කරන්නට නොහැකි බව දන්නා නිසාය.

ජනප්‍රිය පුවත්  ප්‍රභූ සහ නිර් - ප්‍රභූ

අනුර කුමාරගේ ආණ්ඩුව “කුරුසයේ” ආණ්ඩුවකි. කාඩිනල් කියන විදියට C.I.D. අධ්‍යක්ෂ පත්කළ බව කීවේ බිමල් රත්නායක ය. පොලීසිය බාර අමාත්‍යාංශයේ ලේකම් රවීව පත් කලෙත් කාඩිනල් කියූ නිසා බව කීවෙත් බිමල් ය. 1962 හමුදා කුමන්ත්‍රණයෙන් පසු, කතෝලික ආගමට අයත් නිලධාරියකු හමුදාපති කළෙත් කඩිනල්ගේ ඉල්ලීම මත ජනාධිපති අනුර ය. දැන් ඔහුට සේවා දිගු දෙමින් තවදුරටත් තියාගෙන ඉන්නේ කාඩිනල්ගේ ඉල්ලීම මත ජනාධිපති අනුර ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ද “බෝන් අගේන්” දේවගැතිවරයෙක් ය. ඔහුට ද විශ්‍රාම යන වයස දිගු කර වැඩිපුර වසර 2 ක් දෙන්නට හදන්නේ ජනාධිපති අනුර ය. අනුරගේ ප්‍රේමීය ප්‍රමිෂ්කාය. ඇය ද කුරුසකාරියක් ය. ක්‍රිෂාන්ත කුරේද එසේමය. අනුරගේ පුතා විවාහවූයේ මොරටුවේ රාවනාවත්තේ පිහිටි රෝමානු කතෝලික පල්ලියක දී ය. ඒ, එම ආගමට අයත් තරුණියක් සමග ය.

අපට ආගමික විවිදත්වය “ඇලජික්” නැත. එහෙත් කාඩිනල් මැල්කම්ලා දැන් ආණ්ඩුවත් නමාගෙන ගහමින් ඉන්නේ 1962 පන්නයේ ගේමක්ය. ඒ ගේම හමුවේ අප ශාන්ත දාන්ත තීන්ත කූඩු සේ සිටින්නේ නැත. ඒ බව කල් තියා පැවසීම අපේ යුතුකමය.

ජනප්‍රිය පුවත්  බුද්ධාගම පමණක් අබිං වීම හෙවත් පැලවත්තේ නූතන කතාව

ජාතිකත්වය හෝ ආගම මිනිසුන් මරා ගන්නා බෙදුම් රේඛාවක් නොවිය යුතුය. ඒවා විවිදත්වයේ සංයෝජනය ගැන පාඩම් විය යුතුය. එහෙත් මේ දුෂ්ඨ මෙහෙයුම්කරුවන්ට උවමනා වී ඇත්තේ, අත රැඳි වීදුරුවට වයින් වෙනුවට රුධිරය එකතු කර ගැනීමටය. අප ඊට ඉඩ දිය යුතු නැත.

හමුදාවේ කිසිවකුට දැන් කාඩිනල්ගේ නිර්දේශය නැතුව හමුදාපති විය නොහැක. මල්වතු අස්ගිරි මහනායකලා මේ මොන හත්ඉලව්වක්වත් දන්නේ නැත. උන්දැලා කරන්නේ දුන් දේ වළඳා සැපට සැතපීමය. කාඩිනල්ලා ගහන “මැච්” එක උන්දැලාට තේරෙන්නේ නැත. ඒ බබාලා සැතපී අවදිවන විට සියල්ල සිදුවී හමාරය !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x