කුරේ දාන හුරේ
1 min read
මේ ඉන්නේ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ ය. මේ කුරේ යනු ගවයාගේ කුරේ නොවේ. මේ කුරේ ජනාධිපති අනුර කුමාරගේ උපදේශක කුරේ ය. ජනාධිපතිවරයාගේ එකම ව්‍යාපෘතිය වූ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක කුරේ ය’ ආණ්ඩුව ඉන්දියාව සමඟ දාන “ඩීල්” කළමණාකරණය කරන කුරේ ය. මේ දිනවල “හිල්ටන්” හෝටලයේ පදිංචිව සිටිමින් ව්‍යාපාරික “ඩීල්” ද යහමින් සිදු කරන කුරේ ය.
මේ කුරේ මීට පෙර හුරේ දමමින් සිටියේ රනිල් ළඟය. ආණ්ඩුවේ භාෂාවෙන් කියන්නේනම් කජු සීයා ළඟය. ඒ අතර, මේ කුරේ මංගල සමරවීර සමඟද විය. අනුර කුමාර “කජු සීයා” හා මංගලලා සමඟ එකට ලගින කාලයේ මේ කුරේ අනුර කුමාරව හඳුනා ගත්තේය. කෙටියෙන් කිව්වොත්, අනුර දිනූ ජනාධිපතිවරණයේ දී ද මේ කුරේ රනිල්ට පෙන්නුවේ තමන් වැඩ කරන්නේ රනිල්ට කියාය. නමුත් ජුලි චංග්ගෙන් ලැබුණු නියමය මත මේ කුරේ ඇත්තටම වැඩ කළේ අනුර කුමාරට ය.
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිනූ කළ මලික් සමරවික්‍රම සමග මේ කුරේ ගියේ අනුර හමුවන්නටය. මලික් සමරවික්‍රම තාමත් අනුරගේ ගජ මිතුරාය. කුරේ වනාහි අනුරාගේ ව්‍යාපාරික ගනු-දෙනු හා ඉන්දියාව සම්බන්ධීකරණය කරන උපදේශකයාය.
කුරේ සජිත් ප්‍රේමදාසගේ ද ගජ මිතුරෙකි. සජිත් ජනාධිපති අනුර සමඟ “ගනු-දෙනුව” කරන්නේ ද කුරේ මගින් ය. ආගමික වශයෙන් කුරේ ද “බෝන් අගේන්” ය. එයින් කියවෙන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායක සාමාජිකයෙක් බව ය.
අගවිනිසුරු ද බෝන් අගේන් ය. ක්‍රිකට් පාලනය බාර දුන් එරාන් ද බෝන් අගේන් ය. මේ කුරේ ද බෝන් අගේන් ය. ප්‍රේමනීය ප්‍රමිෂ්කා ද බෝන් අගේන් ය.
මේ ආණ්ඩුවේ බොහෝ තීරණ වලට බලපාන බොහෝ දෙනා බෝන් අගේන් ය. එහෙමත් නැත්නම්, අබෞද්ධ ය. ආණ්ඩුව තුළ සිටින බෞද්ධයැයි කියනවුන් අනාගමික ය. උන් පන්සල් යන්නේ බොරුවට ය. හාමුදුරුවන්ට වඳින්නේ බොරුවට ය. පිරිත් නූල ගැට ගහන්නේ පන්සලෙන් එළියට පැමිණි විටම ගලවන්නට බලාගෙන ය. හැබැයි බලාගෙන ගියාම මේ අනාගමික “වම්මු” සියලු තීරණ ගන්නේ “බෝන් අගේන්” සෙට් එක සමගය. බෞද්ධකම “ඇලජික්” වුණාට උන්ට “බෝන් අගේන්” “ඇලජික්” නැත.
පසුගිය දා සියදිවි නසාගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන එම ඉරණමට භාජනය කරන්නට තිරයෙන් පිටුපසසිට ලොකු “ගේමක්” රඟදැක්වූයේ මේ කුරේ ය. කුරේ ඒ වැඩේ කළේ රියන්සි අර්ස කුලරත්නත් සමග එක්වීය. රියන්සි අර්ස කුලරත්න යනු කපිල චන්ද්‍රසේනගේ නීතිඥයා ය.
කුරේ රියන්සි හරහා කපිල චන්ද්‍රසේනට කියා සිටියේ රජයේ සාක්ෂිකරුවකු වෙන මෙන්ය. ඒ සඳහා අදාළ එයාර් බස් ගනුදෙනුවේ “පගාව” මහින්ද රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට ලබා දුන් බව කියන මෙන් ය. රියන්සිට ඕන වූයේ තම සේවා දායකයා කුරේගේ කීම පරිදි ජනපතිගේ සතුට උපදවන ආකාරයේ පරිවර්තනයකට ලක් කර ගැනීමටය.
කපිල මීට එකඟ වූයේ නැත. එහෙත්, රියන්සි කුරේ හරහා රංග දිසානායකට (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්) දැන්වූයේ කපිල මහින්දව හා නාමල්ව බිල්ලට දෙන්න සූදානම් බවය. ඒ අනුව රංග කපිලව තම කොමිෂමට කැඳවූයේ ඒ ප්‍රකාශය ලබාගෙන ජය ගන්නට ය.
කොමිෂමට පැමිණි කපිල දුන් ප්‍රකාශයේ මහින්දගේ නමවත් නාමල්ගේ නමවත් වූයේ නැත. ඒ වෙනුවට තිබුණේ ප්‍රියංකර ජයරත්නගේ නමත්, චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර ගේ නමත් ය. මේ දුටු රංග බෙහෙවින් කෝප විය. ඔහු කපිල කැඳවා තර්ජනය කළේ “මට ඔය අනිත් උන්ගෙ නම් වැඩක් නෑ. මහ එකාගෙයි, පොඩි එකාගෙයි නම් කියනවා” කියාය ඒ තර්ජනයට බයේ කරන ලද ප්‍රකාශය ගැන පසුව කපිල දිවුරුම් පෙත්සමකින් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.
රියන්සි අර්ස කුලරත්න කුරේගේ පදයට නටන බව කපිලට තේරුණේ නැත. ඇප ලැබුන වෙලාවෙන්, රියන්සිගේ කණිෂ්ඨ නීතිඥයා ව්‍යාජ ඇපකරුවන් දැම්මේ හිතාමතාම විය හැකිය. හිතාමතාමනම්, ඒ අදහස පිටුපස සිටින “මහමොලකරුවා” කුරේ ය.
ඇප ලැබුණ කපිලට, එදිනම නැවත ඇප අවලංගු කෙරිණි. රංගලාට හා කුරේලාට උවමනා වූයේ නැවත කපිලව හිරේ දමා බිංදුවටම මානසිකව වට්ටවා රජයේ සාක්ෂිකරුවකු කරගෙන රාජපක්ෂලාට කෙළවන්නටය. එහෙත් සිදුවූයේ, නැවත හිරගතවීමට හිත හදා ගැනීමට නොහැකි කපිල සියදිවි නසා ගැනීමය.
ඒ මරණයට රංග දිසානායක මෙන්ම, මේ කුරේ ද, කුරේගේ පදයට නැටූ රියන්සි ද වගකිවයුතු බව ආණ්ඩුවේ “ඩෝබියකුට” හැර කවරකුට වුව වැටහිය යුතුය.
කුරේලා, රංගලා තේරුම්ගතයුතු එක් දෙයක් තිබේ. ඉදිරියට අසන්නට සිදුවන්නේ අනුරගේ ආණ්ඩුවේ හංස ගීතය ය. අනුර නම්, ග්‍රීසියට හරි පැනගොස් රැකෙනු ඇත. කුරේලාට හා රංගලාට “බෝන් අගේන්” දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම හිමිවිය යුතුය. අපට කීමට ඇත්තේ “හලෛයිලූලා” කියාය.