September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පිරවුම්හල් 500ක ඉන්ධන සීමාවක්

1 min read

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන පිරවුම්හල් පන්සියයක් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බැවින් එම ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ…

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන පිරවුම්හල් පන්සියයක් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බැවින් එම ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 250ක, සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 150ක සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 100ක ද ඒ අනුව ඩීසල් බෙදාහැරීම සීමාකර ඇත.

සිනොපෙක්, ආර්.එම්. පාර්ක් සහ ලංකා IOC, යන සමාගම් මෙලෙස ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව පැවසේ.

ඊයේ (14) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ පිළිබඳ කියා සිටියේය.

අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව මෙහිදී ඔහු පැවැසුවේය.

මේ හේතුවෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන්ද විශාල පීඩාවකට ලක්ව ඇති බව සඳහන් කළ සභාපතිවරයා මේ වන විට ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලුවක් ද මතුව ඇති බවත් පවසා සිටියේය.

ජනප්‍රිය පුවත්  විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි - කතෝලික රදගුරු සමුළුව ආණ්ඩුවට කියයි

ඊයේ (14) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ පිළිබඳව කියා සිටියේය.

අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව මෙහිදී ඔහු පැවැසුවේය.

වත්මන් රජයේ මිල සූත්‍රයට අනුව ඉන්ධන අලෙවි කිරීමෙන් තමන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවන බව එම පෞද්ගලික සමාගම් සමග පැවැති සාකච්ඡාවලදී ඔවුන් ප්‍රකාශ කළ බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එලෙස සිදුවන පාඩුව අවමකර ගැනීමට අදාළ සමාගම් විසින් මෙලෙස වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඔහු පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේ ද ප්‍රකාශ කළේය. මෙම සමාගම් පොරොන්දු වුණා ඒගොල්ලෝ ‘’අඛණ්ඩව තෙල් සපයනවා කියල. ඒවගේම ඔවුන් කිව්වා විදේශ විනිමය පාවිච්චි කරලා තෙල් සපයනවා කියලා කිව්වා. රජයෙන් කිව්වා රජයෙන් මිලක් නියම කරන්නේ නෑ තරගකාරී මිලකට තෙල් විකුණන්න දෙනවා කියලා. නමුත් වුණේ ඒ සමාගම් ආවට පස්සේ රජයේ මිලට ඒගොල්ලොන්ටත් තෙල් විකුණන්න වෙලා තියෙනවා. ඒගොල්ලො කියනවා පාඩු ලබලා ඒ මිලට තෙල් විකුණන්න අමාරුයි කියලා. ඒ තරගකාරී මිලට ඒගොල්ලොන්ට තෙල් විකුණන්න දුන්නා නම් මේ ප්‍රශ්නේ නිරාකරණය වෙයි.”

ජනප්‍රිය පුවත්  විරෝධතා කරන්නේ දූෂිත කාලකන්නි…! – ඇමති ලාල්කාන්ත…

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x