July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙමළ භාෂිත පක්ෂ හයක එකතුවීම සුබවාදී බව විග්නේෂ්වරන් කියයි

1 min read

දෙමළ භාෂිත දේශපාලන හයක ඒකාබද්ධවීම සුබවාදී ලක්ෂණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් ‍තේසිය කුට්ටනිහි නායක සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සිංහල භාෂිත පක්ෂවලින් තමන් නියෝජනය කරනු ලබන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙනු ඇතැයි විශ්වාසයෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙරට සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පක්ෂවල නායකයින් මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් උතුරු – නැගෙනහිර ජනතාව තෘප්තිමත් නොවන බව ද සී. වී. විග්නේෂ්වරන් මහතා කීය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනු ලැබුවේ, එම ජනතාවගේ පෞද්ගලික ඉඩම් හමුදාව විසින් තවදුරටත් අත්පත් කරගෙන ඇති බවය.

ඇතැම් ඉඩම්වල වගා කටයුතු සිදු කරමින් ඒවායේ ආදායම හමුදාවට ලබා ගන්නා බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී අනාවරණ කළේය.

මෙවැනි කරුණු හේතුවෙන් ජාතික ජනබලවේග ආණ්ඩු යටතේ දෙමළ ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

ජනප්‍රිය පුවත්  රට අඳුර ට! දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 ඉක්මවයි!

වත්මන් ආණ්ඩුව ද දෙමළ ජනතාවට දෙවැනි පුරවැසියෙකුට මෙන් සලකන බවත් සමාන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තමිල් මක්කල් ‍තේසිය කුට්ටනිහි නායක සී.වී විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x