September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් විමසීමක්!!!

1 min read

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන කටයුතු සහ ඔහුගේ බිරිඳට අයත් ව්‍යාපාරික ස්ථානවල සේවය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ආරක්ෂක සේවකයින් 19 දෙනෙකු නීතිවිරෝධී ලෙස අනුයුක්ත කිරීමෙන් සංස්ථාවට සිදුවූ රුපියල් මිලියන 42ක (ලක්ෂ 420ක) පාඩුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු 2022 අභ්‍යන්තර විගණන වාර්තාවේ නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

2022 වසරේදී ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා විසින් සභාපතිවරයා වෙත යොමු කරන ලද අදාළ විගණන වාර්තාව මගින් (යොමු අංක: ප්‍ර.අ.වි 19/36,48/2022/SI-06) මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැහැදිලි ‘විගණන නිර්දේශ’ ගණනාවක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත්, එම නිර්දේශයන්ට සහ නෛතික ක්‍රියාමාර්ගයන්ට සිදුවූයේ කුමක්ද යන්න රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රටට හෙළි කර නැත.

අප සංස්ථාවේ බලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කර සිටින්නේ පහත කරුණු සම්බන්ධයෙනි.

  1. පොදු දේපල පනත යටතේ නඩු පැවරුවාද?

මෙම මූල්‍ය අලාභය සිදුකිරීම සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පාලන) ඇතුළු ඉහළ නිලධාරීන්ට මෙන්ම, ඊට ආධාර අනුබල දුන් හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහිව ‘1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත’ යටතේ නඩු පැවරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස විගණන වාර්තාවේ 9 වැනි වගන්තියෙන් ඉතා පැහැදිලිව යෝජනා කර ඇත. මෙම නෛතික පියවරයන් ගනු ලැබුවාද? එසේ නැතිනම් එම නිර්දේශ හමස් පෙට්ටියට දමා අදාළ වගකිවයුත්තන් නීතියෙන් බේරාගැනීමට සංස්ථාව කටයුතු කළේද?

  1. විනයානුකූල ක්‍රියාමාර්ග ගත්තාද?
ජනප්‍රිය පුවත්  ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක

අදාළ සේවකයින්ට නිසි අනුමැතියකින් තොරව වැටුප්, අතිකාල සකස් කරමින් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළ පරිපාලන නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන් (වැටුප් හා වේතන) සම්බන්ධයෙන් විනයානුකූල හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විගණනයෙන් නිර්දේශ කර තිබිණි. ගතවූ කාලය තුළ මෙම නිලධාරීන්ට එරෙහිව ආයතන මට්ටමින් ගත් පියවර කුමක්ද?

  1. රුපියල් ලක්ෂ 420ක අලාභය අයකර ගත්තාද?

මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක් ලෙස, ආයතනයේ රාජකාරි නොකළ පිරිසක් වෙනුවෙන් අයුතු ලෙස ගෙවූ රුපියල් ලක්ෂ 420කට ආසන්න මුදල අදාළ පාර්ශ්වයන්ගෙන් නැවත ප්‍රතිපූරණය කරගැනීමට (අයකර ගැනීමට) සංස්ථාව ගෙන ඇති පියවර මොනවාද?

විගණන වාර්තා යනු හුදෙක් ලියකියවිලි ගොඩක් පමණක් නොවේ. ඒවායේ අරමුණ ආයතනය තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගනිමින් වරදකරුවන්ට දඬුවම් කිරීමයි. එබැවින්, 2022 අභ්‍යන්තර විගණන වාර්තාවේ නිර්දේශවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් කළේද යන්නත්, නීතිය ක්‍රියාත්මක කිරීම යටපත් කර ඇත්තේ කාගේ වුවමනාවටද යන්නත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වහාම රටට හෙළි කළ යුතුව ඇත.

ජනප්‍රිය පුවත්  පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි අත්අඩංගුවට

අහිමි වූ මහජන මුදල් පිළිබඳ වගකීමෙන් මිදීමට කිසිදු බලධාරියෙකුට හැකියාවක් නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x