මහා සංඝරත්නයේ අඛණ්ඩ විරෝධතාව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දෙවෙනි දිනටත්
1 min read
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ඊයේ (15) පස්වරුවේ පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස අවධාරණය කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත පිළිතුරක් ලබාදිය යුතු බවය.
ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි බවය.
පසුව මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති පැමිණ රැස්ව සිටි හිමිවරු සමග සාකච්ඡාවක නිතර විය.
එහිදී ඒ හෙතෙම පවසා සිටියේ, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවය.
ඒ අනුව ආණ්ඩුව ව්යවස්ථාවේ ප්රතිපාදනවලට අදාළ නීතිමය ක්රියාවලිය යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පලකළ බව දැන්වීය.
කෙසේ නමුත් එම අවස්ථාවේදී රැස්ව සිටි හිමිවරුන් අදාළ ක්රියාවලිය සඳහා කොතරම් කාලයක් ගතවනවාදැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානීගෙන් ප්රශ්න කළේය.
ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් පැවසිය නොහැකි බව මහතා පැවසීම හේතුවෙන් රැස්ව සිටි හිමිවරු ඇතුළු පිරිස සිය අරමුණ ඉටුවන තෙක ජනාධිපති කාර්යාලය අසල තවදුරත් රැඳී සිටීමට තීරණය කරනු ලැබීය.
