වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පනයක්
1 min read
වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම කොලොම්බියාවට ද දැනී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGC) අනුව, මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2ක ගැඹුරකින් රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇත.
භූ කම්පනයත් සමඟ කැරකස් හි ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, එහි ජනතාව එම ස්ථානවලින් ඉවත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ කැරකස් හි බැංකුවක් යැයි විශ්වාස කෙරෙන ගොඩනැගිල්ලක් නටබුන් වී ඇති අයුරුය.
