පාස්කු නඩුවේ වරදකරුවන්ට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම්
1 min read
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළේය.
එමෙන්ම මේ මොහොතේ සිට ඔවූන්ගේ නිශ්චල හා චන්චල දේපල රාජසන්තක කිරීමටද නියෝග කර තිබේ.
ඒ පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්‍රකාරව දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත්කරමිනි.
කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
