September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොම්පඤ්ඤවීදියේ ‌පොළොව යට රාත්‍රි සමාජ ශාලාවක්

1 min read

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය භූගත රාත්‍රි සමාජ ශාලාවක් සුරාබදු නිලධාරින් විසින් පෙරේදා (21 වැනිදා) වටලා ඇත.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට කොම්පඤ්ඤවීදිෙය් අනුව මෙම වැටලීම කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මුරුක්කු ඇතුළු ආහාර පාන අලෙවි කරන ස්ථානයක් ලෙස පිටතට පෙනෙන ආකාරයෙන් මෙම රාත්‍රි සමාජ ශාලාව නිර්මාණය කර ඇති බවද මුරුක්කු අසුරා තිබූ රාක්කයක් ඉවත් කිරීමෙන් අනතුරුව එහි ඇතුළුවන ස්ථානය හා රාත්‍රි සමාජ ශාලාව දැකගත හැකිවූ බවද විමර්ශන නිලධාරීහු පවසති.

එම ස්ථානයට දෛනිකව පැමිණෙන පාරිභෝගිකයන් පිරිසක් සිටින බවත් එහි විදෙස් මත්පැන් ද අලෙවි කරන බවත් අනාවරණය වී තිබේ. එහි අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම රාත්‍රි සමාජ ශාලාව කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවද මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x