November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරලිගහ මැදුරට හාමුදුරුවරු වඩම්මව ගන්න OICලා පන්සල් ගානෙ යවලා.. – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

1 min read

අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත සර්ව ආගමික වැඩසටහනක් සඳහා දිවයින පුරා විහාරස්ථානවලින් මහා සංඝරත්නය වැඩමවා ගැනීමට රජය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු රාජ්‍ය බලය දැඩි ලෙස යොදවමින් සිටින බව ජාතික විද්වත් භික්ෂු සංසදයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ චෝදනා කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ‘රටම එකට ජාතික මෙහෙයුමේ’ පළමු සංවත්සරය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති සර්ව ආගමික වැඩසටහන සඳහා මහා සංඝරත්නය වැඩම කරවන ලෙස ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිවේදන නිකුත් කර තිබූ බවයි.

කෙසේවෙතත්, රජයේ ශාසන විරෝධී පිළිවෙත්වලට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල රැසක් එම උත්සවය වර්ජනය කිරීමට තීරණය කිරීමත් සමඟ, රජය සිය උපායමාර්ගය වෙනස් කර රාජ්‍ය බලය යොදවා ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ඒ අනුව, දිවයිනේ පිහිටි දසදහසකට අධික විහාරස්ථාන වෙත ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ වෙනත් නිලධාරීන් යවමින්, උත්සවයට සහභාගි කරවා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ නාමලේඛන බලහත්කාරයෙන් ලබාගැනීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවට උන්වහන්සේ චෝදනා කළහ. මෙම දේශපාලන ඇස්බැන්දුම් ප්‍රචාරක වැඩසටහන සඳහා “දන් පැකට්ටුවක් හෝ බත් පාර්සලයක් මුවාවෙන්” සංඝරත්නය රැගෙන යෑමට උත්සාහ දරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

ජනප්‍රිය පුවත්  මහවැලි ගඟ පිටාර ගලයි…! මහා ගංවතුර අවධානමක්…! විමසිල්ලෙන් සිටින්න….

පොලිස් බලපෑම් මත හෝ කිසියම් භික්ෂූන් වහන්සේ නමක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම වැඩසටහනට වැඩම කරන්නේ නම්, කොඳුනාරටියක් සහිතව ජනාධිපතිවරයා හමුවේ සෘජුව ප්‍රකාශ කළ යුතු කරුණු කිහිපයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.

“අනීතිකව සහ අසාධාරණ ලෙස සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙසත්, උන්වහන්සේගෙන් විනය විරෝධී ආකාරයෙන් උදුරාගත් සිවුර යළි ලබාදෙන ලෙසත් හඬනගා ජනාධිපතිවරයාට කෙළින්ම ප්‍රකාශ කිරීමට එතැනට වඩින හිමිවරුන්ට කොන්දක් තිබිය යුතුයි,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x