October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක

1 min read

වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබේ.

කෙසේවෙතත් එහිදී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පැවසුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (16) දහවල් වනතෙක් රැදි සිටි භික්ෂූන් වහන්සේ පිරිස පසුව බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටට වැඩම කළේය.

එහිදි එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවක අසාර්ථක වු බව පවසමින් විහාරමහා දේවි උද්‍යානය වෙත වැඩම කිරිමට භික්ෂූන් වහන්සේ පියවර ගත්තාය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10 වනදා මහනුවර දළදා මාලිගය පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර 16 වනදා කොළඹට ලඟා වුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x