September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටින් මාළු මිල නගී

1 min read

ටින් මාළු නිෂ්පාදනයට යොදා ගන්නා ලින්නා කිලෝවක මිල රුපියල් 450 සිට 700 දක්වා ඉහළ යෑම හේතුවෙන් දේශීය සැමන් මිල ගණන් ඉහළ දැමීමට අවසර ලැබුණු බව ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කියයි.

ඒ අනුව ග්‍රෑම් 155 ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220 ත් 260 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන ටින් මාළු අතර ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක මිල රුපියල් 510 ත් 600 ත් අතර මිලකින් ඉහළ යන බව එම සංගමයේ ලේකම් ආචාර්ය කපිල බාලසූරිය ‘අරුණ’ ට පැවැසීය.

ලින්නා මාළු මිල ඉහළයාම හේතුවෙන් දේශීය ටින් මාළු මිල ගණන් ඉහළ දමන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා තිබූ බවද ඔහු සඳහන් කළේය.

ජැක් මැකරල් ටින් එකක මිල රුපියල් 600 සිට 660 දක්වාත්, මැකරල් ටින් එකක මිල රුපියල් 480 සිට 560 දක්වාත්, 560 ට තිබූ ටින් එකක මිල රුපියල් 600 දක්වාත් වැඩි කිරීමට අවසර දෙන ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා සිටියේ යැයි ද ඔහු කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  සටන් විරාමය ගැන ඊශ්‍රායලයෙන් නිවේදනයක්!

මීට අමතරව ටූනා සැමන් ටින් එකක මිල රුපියල් 380 සිට 510 දක්වා වැඩි කරන ලෙසට තම සංගමය ඉල්ලා තිබූ බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් එම ඉල්ලූ මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා නොදුන් බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මෙරට පාරිභෝජනයට අවශ්‍ය ටින් මාළු සියල්ල දේශීයව නිෂ්පාදනය කරන බවත් ටින් මාළු සඳහා භාවිත කරන ලින්නා මාළු කිලෝවක මිල රුපියල් 450 සිට 700 දක්වා පසුගිය කාලයේ ඉහළ ගිය බවත් ලේකම්වරයා කීය.

මෙරට දෛනික ටින් මාළු පාරිභෝජනය 250,000, 350,000 ත් වෙයි.

දැනටමත් දෛනිකව සැමන් ටින් 600,000 ක් නිෂ්පාදනය කරන බව ද එම සංගමය සඳහන් කළේය. දේශීය පාරිභෝජනයට වඩා ටින් මාළු මෙරට නිපදවන බැවින් සැමන් ආනයනය නතර කර ඇතැයි ද හෙතෙම පැවැසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x