September 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අශෝක රන්වලගේ උපාධි සහතිකයේ සැබෑ තත්වය හෙළිවෙයි. නැවතත් කථානායක ධුරයට ?

1 min read

ජාතික ජන බලවේගය 2024 මහමැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුව පිහිටුවීමේදී මුලින්ම කථානායක ධුරයට පත්කරන ලද්දේ අශෝක රන්වල මහතාව ය. ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳව ඒ මොහොතේ ගැටලුවක් මතුවූ අතර ඒ හේතුව මත ඔහු ඉතා කෙටි කලකින් ඉල්ලා අස්වූයේය. තමන් ඉක්මනින්ම ආචාර්ය උපාධි සහතිකය ප්‍රසිද්ධ කරන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණත් මේ දක්වාම ඔහුට එය ඉටුකිරීමට නොහැකි වී ඇත.

අශෝක රන්වල මහතාට සිය ආචාර්ය උපාධි සහතිකය ප්‍රසිද්ධ කිරීමට නොහැකි වී ඇත්තේ ඔහු ආචාර්ය උපාධියක් හදාරා නොමැති නිසා නොව එම ආචාර්ය උපාධි සහතිකය පැවිදි නමකින් තිබීම නිසා බව LNW අප වෙත වාර්තා විය. ඒ, විශේෂ හේතුවක් මත ය. අශෝක රන්වල මහතා 88/89 භීෂණ සමයේදී ජීවිතාරක්ෂාව තකා ජපානයට පළාගොස් ඇත්තේ භික්ෂුවක් ලෙස පැවිදි නමකිනි. ඒ අනුව ජපානයේදී ඔහු විභාගවලට පෙනී සිට ලැබූ අධ්‍යාපන සහතික ඇත්තේ අශෝක සපුමල් රන්වල යන නමින් නොව පැවිදි නමිනි. කෙසේවෙතත් මේ උපාධි සහතිකය පිළිබඳ ගැටලුව පැමිණි අවස්ථාවේදී ඔහු ආණ්ඩුව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කථානායක තනතුරින් ඉල්ලා අස්වූයේය.

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු 'ස්පොට්" ටෙන්ඩරයත් බාල ගල් අඟුරු ගෙන ආ සමාගමට!

ඉන් පසුව ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්කරන ලද්දේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාව ය. ඔහුට මේ වනවිට චෝදනා රැසක් එල්ල වී ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුට එරෙහිව විමර්ශනයක් ද සිදුකරමින් පවතී. එමෙන්ම වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ඒකාධිපති ස්වරූපය ද විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මේ තත්වය තුළ ජගත් වික්‍රමරත්න මහතාට සාපේක්ෂව හිටපු කථානායක රන්වල මහතා වඩාත් හොඳ බවට විපක්ෂය මේ වනවිට එකඟතාවකට පැමිණ ඇති බව ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව යම් හෙයකින් කථානායක ධුරය යළි පුරප්පාඩු වන්නේ නම් අශෝක රන්වල මහතාට එම ධුරය යළි ලබාදීමට කිසිදු විරුද්ධත්වයක් තමන්ගේ නොමැති බවට විපක්ෂය ඒකමතික තීරණයකට එළඹ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x