September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

1 min read

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන් හෙට(08) දින සිට 10 වන දින දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය නිවේදනය කරයි.

අදාළ කාලසීමාවන් තුළ ප්‍රභූවරයා ගමන් ගන්නා මාර්ගයන්හි අවස්ථානුකූලව සහ කඩින් කඩ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත.

රථවාහන ගමනාගමනය සීමා වන ප්‍රධාන වේලාවන් සහ මාර්ග

සැප්තැම්බර් 08 (පස්වරු 1.30) කටුනායක ගුවන්තොටුපොළ සිට සිට ටාජ් සමුද්‍රා හෝටලය වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිට වරාය පරිශ්‍රය ඔස්සේ ගමන් කර, එන්.එස්.ඒ. වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලයට.

සැප්තැම්බර් 08 (රාත්‍රී 8.00-9.00) ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඉන්දියන් හවුස් වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිර්බටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස්, නන්දා මෝර්ටස්, නිදහස් වටරවුම ඔස්සේ ඉන්දියන් හවුස් වෙත ගොස්, නැවත ජේ.ඕ.සී. හන්දිය, මල් පාර, ලිර්බටි වටරවුම, මයිකල් හන්දිය ඔස්සේ ගාලු මුවදොර වටරවුම හරහා හෝටලය දක්වා.

ජනප්‍රිය පුවත්  මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් - 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..

සැප්තැම්බර් 09 (පෙරවරු 9.50-11.25) අතර කාලය තුළ ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්‌යාලය වෙත ගමන් කිරීම හා ආපසු පැමිණීම

ගමන් මාර්ගය: ගාලු මැද පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය වෙත ගමන් කර, නැවත එම මාර්ගයේම ටාජ් සමුද්‍රා හෝටලය දක්වා.

සැප්තැම්බර් 09 (පස්වරු 2.00 සිට) ටාජ් සමුද්‍රා හෝටලයේ සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටි ඉන්දියන් සාමසාධක හමුදා ස්මාරකය වෙත

ගමන් මාර්ගය -: ගාලු මුවදොර වටරවුම, ගාලු පාර, කොල්ලුපිටිය හන්දිය, ර්ධමපාල මාවත, ලිර්බටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දියෙන් වමට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝටන් පෙදෙස, හෝටන් – කින්සි හන්දිය, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුවේද හන්දිය, ශ්‍රී ජයර්වධනපුර මාවත ඔස්සේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය වෙත.

2.45 සිට 3.45 දක්වා ආරක්ෂක අමාත්‍යංශය වෙත

ගමන් මාර්ගය -: ජපාන මිත්‍රත්ව මාවත හන්දිය, කියන්හැම් හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, මඟනැගුම හන්දිය, අරුක්පිටිය හන්දිය, අකුරගොඩ වටරවුම ඔස්සේ.

4.00ත් 4.30ත් අතර පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත

ජනප්‍රිය පුවත්  හරිනි ඇමැති ධුරයෙන් ඉවත් කරන්න.. ඇල්ලේ හිමියන් ඉහළට ලියයි!

ගමන් මාර්ගය -: අකුරගොඩ වටරවුම, අරුක්පිටිය හන්දිය, මඟනැගුම හන්දිය, ත්‍රී බ්‍රිජස් හන්දිය, කියන්හැම් හන්දිය, ජයන්තිපුර හන්දිය ඔස්සේ.

4.35ත් 5.00ත් අතර ගංගාරාම විහාරස්ථානය වෙත

ගමන් මාර්ගය -: ජයන්තිපුර හන්දිය, පොල්දූව හන්දිය, විදුලිබල මණ්ඩල හන්දිය, බුත්ගමුව හරස් මාර්ග හන්දිය, කජු සංස්ථාව හන්දිය, වැලිකඩ හන්දිය, බණ්ඩාරනායකපුර හන්දිය, ආයුවේද හන්දිය, ආර්දශ ගොවිපළ හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝටන් වටරවුම, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, පිත්තල හන්දිය සහ ශ්‍රී ජේම්ස් පීරිස් මාවත – ජිනරතන මාවත හන්දිය ඔස්සේ.

5.30 ටාජ් සමුද්‍රා හෝටලය වෙත

ගමන් මාර්ගය -: ශ්‍රී ජේම්ස් පීරිස් මාවත – ජිනරතන මාවත හන්දිය, ශ්‍රී ජේම්ස් පීරිස් මාවත පෙරහැර මාවත හන්දිය, පෙරහැර මාවතනාවන වටරවුම සහ ගාලු මුවදොර වටරවුම ඔස්සේ. රොටුන්ඩා වටරවුම, අලියා

සැප්තැම්බර් 09 (රාත්‍රී 7.00 -7.10) ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රය වෙත ගමන් කිරීම

ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය බල දක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.

ජනප්‍රිය පුවත්  ICC යෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් 10 පෙරවරු 9.00 සිට 9.10 අතර ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රයේ හෙලිපෑඩ් වෙත ගමන් කිරීම (නුවරඑළිය වෙත)

ගමන් මාර්ගය: ගාලු මුවදොර මධ්‍යම මාර්ගය බල දක්ෂ මාවත හරස් මාර්ග හන්දිය, ගාලු මුවදොර මධ්‍යම මාර්ගය – බලදක්ෂ පාර හන්දිය, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ වරාය A 01 පිවිසුම් දොරටුව ඔස්සේ ගමන් කර නැවත එම මාර්ගයෙන්ම හෝටලය වෙත.

මෙම මාර්ග සීමා කිරීම් හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලීසියට සහාය දක්වන ලෙසත් කොළඹ රථවාහන කොට්ඨාසය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x