September 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගීතවල සැබෑ අයිතිය සංගීතඥයාට සහ පද රචකයාටයි.. මා ගායනා කරන ගීත ඕනෑම අයෙකුට නොමිලේ ගයන්න කියන්න මට බෑ..- රූකාන්ත ගුණතිලක..

1 min read

ගීතයක සැබෑ හිමිකාරිත්වය පැවැරෙන්නේ එය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට පමණක් බවත්, ගායකයෙකු ලෙස පමණක් පෙනී සිටිමින් වෙනත් අයෙකුගේ නිර්මාණයකට අදාළව තීරණ ගැනීමට තමන්ට කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ගීතයක් බිහි කිරීමේදී එහි මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කරමින් නිර්මාණය කරන්නේ සංගීතඥයා විසින්ම බවයි. එම නිසා නිර්මාණයක පූර්ණ හිමිකම හිමිවන්නේ එහි සංගීතඥයාට සහ ගීත රචකයාට බව ඔහු අවධාරණය කළේය.

උදාහරණයක් ලෙස “සුවඳ දැනී” ගීතය දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එම ගීතය ඕනෑම අයෙකුට නොමිලේ ගායනා කිරීමට අවසර දීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි. ඊට හේතුව එහි අයිතිය සංගීත නිර්මාණකරුවාට මෙන්ම අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ සූරීන්ගේ පවුලේ උරුමකරුවන්ට හිමිවීමයි.

කලාකරුවන්ගේ මහන්සියට නිසි වටිනාකමක් සහ සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, මේ පිළිබඳව මෙරට රසික ප්‍රජාව නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. එසේම, සංගීත ක්ෂේත්‍රය හරහා විදේශීය ආදායම් මෙරටට ගලා එන්නේ නම් එය රටේ ආර්ථිකයට මෙන්ම රජයේ බදු ආදායමටද ශක්තියක් වන බැවින්, සියලු දෙනා එක්ව මෙවැනි විධිමත් ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  රුසියාව යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කරයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x