September 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියානු ඇඟළුම් කෝටාවත් වපර වසන්ත හොරා කයි !

1 min read

2000 වසරේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් මිලියන 8 ක කෝටාවක් මිලදී ගැනීමට එකඟ වී තිබේ. මෙහිදී සෑම වර්ෂයකදීම, ඉන්දියාව අපේක්‍ෂා කර ඇත්තේ ප්‍රමිතියෙන් උසස්, ඉහළ සමාජ පංතිය ඉලක්කකරගත් ඇඟළුම් ය. සාමාන්‍යයෙන් මෙම “කෝටාවේ” සමස්ථ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 40-50 ත් අතර වෙතැයි අපගේ ආරංචි මාර්ග පවසයි. රුපියල් වලින් නම් කෝටි 1500 කට අධික වටිනාකමක් එයට හිමි වේ.

ආරම්භයේ සිටම මෙම වාර්ෂික ඇණවුම කළමනාකරණය කිරීම මෙරට වෙළඳ අමාත්‍යාංශය මගින් සිදු කළ ද, එම අමාත්‍යාංශය එය පාලනය කිරීම සිදුකර නැත. එහෙත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම මිලියන 8 ක ඇඟළුම් ඇණවුමේ කොටස් මෙරට ඇඟළුම්කරුවන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම නවතා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉන්දියානු සමාගමකටම පවරාදීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ඔහු අති විශාල කප්පම් මුදලක් ද රැගෙන ඇතැයි අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් මෙම ඇඟළුම් කෝටාව මෙරට ඇඟළුම් කර්මාන්තකරුවන් අතර සාධාරණ ලෙස බෙදා ගැනීම පිණිස වෙනම සංගමයක් ද පිහිටුවා තිබේ. මින් පෙර සිදුව ඇත්තේ, එම සංගමය විසින් සියල්ලන්ට සාධාරණය ඉටුවන පරිදි අදාළ “කෝටාව” බෙදාගෙන නිෂ්පාදන ලබාදීමය. මීට පෙර, එම කෝටාව බෙදී යන ආකාරය තීරණය කිරීම වෙළෙඳ අමාත්‍යවරයා විසින් තීරණය කර නැත.

ජනප්‍රිය පුවත්  කොවිඩ් 19 වෛරසය ඇමරිකාවේ වැඩක් ! ඇමරිකා එ. ජ. ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂිකා තුල්සි ගැබාඩ් හෙළිකරයි ! ආන්දෝලනාත්මක විශේෂ අණාවරණයකි !

එහෙත්, මෙවර එම කාර්යයට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මැදිහත් වී ඇති අතර, ඔහුගේ අභිමතය පරිදි අදාළ මිලියන 8 ක ඇණවුමෙන් මිලියන 7.3 ක පංගුවක් එකම සමාගමකට පිරිනැමීමට ද කටයුතු කර තිබේ. දේශීය ඇඟළුම් නිෂ්පාදකයන් අතර බෙදී යා යුතු මෙම ඇඟළුම් “කෝටාවේ” මෙම අති විශාල පංගුව පිරිනමා ඇත්තේ ද ඉන්දීය සමාගමක් වන අමාන්ටේ නැමති සන්නාමය හිමි සමාගම වෙතය. එය මුලදී MAS ආයතන විසින් ආරම්භ කර ඇතත්, මේ වන විට එය ඉන්දීය ධනවතකු වන මුකේෂ් අම්බානිගේ රිලායන්ස් සමාගමට අයත් වේ.

මෙම ඇඟළුම් නිෂ්පාදන මිලියන 8 ක කෝටාව මෙරට හිමි කර ගනු ලැබුවේ එමඟින් මෙරට ඇඟළුම් කර්මාන්තකරුවා හා රැකියා සුරක්ෂිතකර ගැනුම පිණිස ය. MAS, හයිද්‍රාමනී වැනි විශාල සමාගම් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර බෙදී යන පරිදි මම ඇණවුම බෙදා ගැනීම ගෙවුණු වසර 25 පුරාම සිදු කර තිබේ. මීට පෙර මෙම මිලියන 8 ක ඇණවුමෙන්, එක් සමාගමකට හිමි වූ වැඩිම පංගුව වී ඇත්තේ, මිලියන 1.3 කි. ඒ, මෙරට දේශීය සමාගමක් වන MAS සමාගම වෙතය. ඉතිහාසයේ පළමුවරට මෙවර මෙම ඇණවුමෙන් මිලියන 7.3 ක පංගුව හිමිකර දී ඇත්තේ 100% ඉන්දීය සමාගමක් වෙතය. උසස් ප්‍රමිතියේ යට ඇඳුම් කොටස් මිලියන 7.3 ක් යනු ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවක් බව ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මෙම වාසිදායක තත්ත්වය අදාළ ඉන්දීය සමාගම වෙත ලබාදීම වෙනුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ ඇමරිකානු ඩොලර් මිලියන 2 ක කප්පම් මුදලක් ලබාගෙන ඇතැයි ද, එය ඔහුට අයත් විදේශ ගිණුමක තැන්පත් කර ඇතැයි ද තතු දත් ආරංචි මාර්ග අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  සිනොපෙක් ඩො.බි.3.7ක ආයෝජනය ලත් තැනම ලොප්!

මෙම බරපතල වංචාව හේතුකොටගෙන මෙරටට ලැබීමට තිබූ විදේශ විනිමය උපයාගත නොහැකි තත්වයක් ඇති කර තිබේ. මේ පිළිබඳව ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රජයට පැමිණිලි කිරීමට ද සූදානම් වෙතැයි වාර්තා වේ.

  • දයාන් කුලසිංහ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x