September 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිංගප්පූරු ගිය ශිරන්තිගෙන් FCIDයට ලිපියක්

1 min read

” සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලිපියක් මගින් එම කොට්ඨාසයට දැනුම් දී ඇත්තේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාරගැනීම සඳහා විදේශගතව සිටින බැවින් මෙම අවස්ථාවේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවය.

එමෙන්ම යළි දිවයිනට පැමිණි විගස එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව ද එම ලිපියෙන් දැනුම් දී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x